2011-07-10

නියම චරිතය!

විද්‍යාලංකාර (දැන් කැළණිය) සරසවියෙ උපකුලපතිව කලක් වැඩ හිටියෙ කිරිවත්තුඩුවෙ ශ්‍රී පඥාසාර හිමියන්. උන්වහන්සේ ලවා චරිත සහතියක් ලියව ගන්න ලැබුනොත් ලොකු වාසියක් විදියට ඒ කාලෙ සරසවියෙ සිසුන් සැලකුවෙ. මොකද හාමුදුරුවන්ට ලොකු පිළිගැනීමක් තිබුණා සමාජයෙ. ඔන්න ඉතින් දවසක් එක ශිෂ්‍යයෙක් ආවා චරිත සහතියක් ලියවා ගන්න. අයදුම් කරන තනතුර පොලිසියේ තනතුරක්. හාමුදුරුවො මෙයා ගැන ටිකක් විස්තර දන්නවලු.


" ඇයි මේ ළමය? මොකක්ද කෙරෙන්න ඕනා?"
" හාමුදුරුවනේ මම ආවෙ චරිත සහතියක් ගන්න. මම පොලීසියට ඉල්ලුම් කලා. හෙටයි ඉන්ටවීව් එක."
" හ්හ්ම් හරි පොඩ්ඩක් ඉමුකො එහෙනම්"


හාමුදුරුවො ගත්තා ලිපි සිරසක් සහිත කොලයක්. දිනය එහෙම දාලා චරිත සහතිකය ලියලා දුන්නලු මෙන්න මෙහෙම..


""... මේ ඉලන්දාරියා හොඳ වැදගත් පරම්පරාවකින් පැවත එන කෙනෙකි. හොඳට කා බලය තිබේ. ගව් දෙකතුනක් එක හුස්මට දිවිය හැක. අට ඉස්බක් පමණ උඩ පනින්නද පුළුවන. වරක් ඉන්දියාවට ගොස් ගුස්ති අල්ලා තිබේ. පොලීසියෙ අයත්  කැමති නම් ඕනෑම තනතුරකට බඳවා ගත්තාට මගෙන් වරදක් නැත..""


ප.ලි. - මේ කතන්දරය මම කියෙව්වෙ පොරවගම ඥානසිරි හිමියන් ලියපු "සඟ රස බස්" පොතෙන්. හමුවුනොත් කියවලා බලන්න..

24 comments:

  1. වචන ටිකෙන්ම තේරුම් ගන්න පුලුවන් මේ චරිත සහතිකය පොලොසියේ රස්සාවකට යන්නම කියලා ලියපු එකක් විත්තිය. නියම හාමුදුරු නමක් නේ !!!

    ReplyDelete
  2. අන්න මදුරංග අයියාට තේරුණා!

    ReplyDelete
  3. මරු චරිතයක්නේ කොල්ලට තිබිල තියෙන්නේ

    ReplyDelete
  4. හී හී.. ඕක දැක්කම පොලෝසියට බඳවගත්තලුද ඉතින්.. හී හී

    ReplyDelete
  5. ෂා.. මටත් චරිත සහතිකයක් ලියවගන්න බැරි වෙයි ද මන්දා..:D :D

    ReplyDelete
  6. එළනෙ!එහෙම දේහධාරී අය තමයි පොලෝසියට ඕන.ඒකට දැන්.
    නියම චරිත සහතිකේ...

    ReplyDelete
  7. කට්ටිය මොකද කියන්නෙ චතුමිතුට චරිත සහතිකයක් ලියලා දෙමුද?

    ReplyDelete
  8. @චතුමිතු :
    මම ලියන්නම් එයාට චරිත සහතිකයක් !!!!!

    ReplyDelete
  9. තැනෙ හැටියට ඇනේ ගහනව කියන්නේ ඕකටයි.. හැබැයි දැන් නම් ඉතින් කාය බලය ඕන නැහැ පොලිසියට යන්න.. දැන් ඉන්න සමහරු බැටන් පොල්ල උස්සන් ඉන්නත් අමාරුවෙන්..

    ReplyDelete
  10. උපාධිධාරීයෙක් යන්න ඕනෑ, ඒඇස්පී කමකට නේද?
    ඇස් අයි වෙන්න ඕනෑ ඕ-ළෙවල් නේ!

    ReplyDelete
  11. ඔය හාමුදුරුවො ලියපු චරිත සහතිකේ පොලිසියෙ එවුවොන්ට තේරුනාද මන්ද...

    ReplyDelete
  12. ශා....හාමුදුරුවො හරියටම ගැළපෙන්නම සහතිකයක ලියලා දීලා වගෙයි...නියම කතාව සහෝ....:D

    ReplyDelete
  13. අඩේ ඔය හාමුදුරුවෝ කාම ඉන්නවද මටත් චරිත සහතිකයක් ලියාගන්න ඕනේ.... මට කරන්න ඕනෙ නැති රස්සාවකට කා‍ගේ හරි බලකිරීමකට යන්න වුනොත් වැදගත්වෙයි...

    ReplyDelete
  14. බොහොම ස්තූතියි හැමෝටම ඔබේ අදහස් මෙහි සටහන් කලාට

    ReplyDelete
  15. මම මේ බ්ලොග් එක නියම විදියට දැක්කේ අද, ඇත්තටම මේකේ විසිතුරු බවක් තියෙනවා.

    ReplyDelete
  16. වෙන මොනා නැතත් ඔය චරිත සහතිකේම මදෑ පොලිසියට යන්න, කොහොමත් පොලිසිට ඕන කරන්නෙ, මිනිස්සුන්ව බය කරගෙන, තලලා පෙලලා ඉන්න පුලුවන් කට්ටියනෙ ......

    ReplyDelete
  17. @ ජ්‍යොතිෂ්‍ය අරණ - විසිතුරු අඩවියෙ විසිතුරු බව විඳින්නට පැමිණියාට බොහොම සතු‍ටුයි!

    @ පන්සල් හන්දිය - හරියට හරි අයියෙ

    ReplyDelete
  18. ඒ මටත් ඕනි එකක්.....ඉල්ලලා දීපන්කො.....

    ReplyDelete
  19. @ නරක සමනලයා - ඒක නෙවෙයි ඔබතුමාම හිතල බලලා ලියන්නකො අපිටත් කියවන්න චරිතෙ ගැන ලස්සන සහතිකයක්!

    ReplyDelete
  20. හා හා මරු චරිතෙ... ඉතිං මෙයාට පොලිසියෙ තනතුර හම්බුනාද ?

    ReplyDelete
  21. කිරිවත්තුඩුවේ ප්‍රඥාසාර හාමුදුරුවෝ බොහොම විද්වත් පණ්ඩිත හාමුදුරු නමක් බව මාත් අහල තියෙනව.
    අපූරු චරිත සහතිකේ.

    ReplyDelete
  22. @ ජේ චමත් - ඒක නම් දන්නෙ නෑ සහෝ! හාමුදුරුවො පස්සෙ නියම චරිත සහතිකයක් ලියලා දෙන්න ඇති.

    @ පොත් ගුල්ලා - බොහොම ස්තූතියි අයියෙ අදහස් පළ කලාට

    ReplyDelete
  23. ඉතින් පොරව අරන්ද ජොබ් එකට

    ReplyDelete
  24. බූඩී - කතන්දරේ ඔතනින් ඉවරයිනෙ සහෝ! මමත් දන්නෙ නෑ. මම හිතන්නෙ රස්සාව හම්බු වෙන්න ඇති.

    ReplyDelete

ඔබේ අදහස

Related Posts Plugin for WordPress, Blogger...