"ඔබලා මන්ත්‍රීතුමාට යමක් දීමට ඔතරම් කැමති නම් ඔහුට කිසියම් සමරු සටහනක් දෙන්න" අවසානයේ මන්ත්‍රී බිරිඳ පැවසුවාය.
" ඒක හොඳ අදහසක්" යැයි පැවසූ නියෝජිතයෝ මඳ වේලාවක් ඔවුනොවුන් හා කතාබස් කළහ.
"උත්තමාවිය, අපේ මන්ත්‍රීතුමා ඉපදුනේ මොන වර්ෂයේද?"
"මීයාගේ වර්ෂයේ! ඇයි ඒ ගැන විමසන්නේ?" මන්ත්‍රී බිරිඳ කුතුහලයෙන් යුතුව ඇසුවාය.
"ඒසේ නම් අප දෙන සමරු තිළිණය වන්නේ ජීවමාන ප්‍රමාණයේ මීයෙකුගේ රිදී පිළිරුවක්!" පැවසූ නියෝජිතයෝ පිරිස සතුටින් ආපසු ගියහ.
අවසන උපහාර උළෙලේදී ඔවුන් සිය තිළිණය අලංකාර මංජුසාවක බාහා මන්ත්‍රීතුමාට පිළිගැන්වූහ. පසුදින උපහාර ලෙස ලැබුණු දෑ පරීක්ෂා කරන මන්ත්‍රී බිරිඳට එම රිදී මීයා හමුවිය. මේ පිළිබඳව මන්ත්‍රීවරයාට කිසිවක් නොපැවසූ බිරිඳ එය රහසින් සඟවා තැබුවාය. කලක් ගතවිය. මන්ත්‍රී පවුල අවංකව කටයුතු කිරීමේ විපාක හෙවත් මුදල් අපහසුතා වලින් පෙළෙන්නට විය. මෙම දුෂ්කර සමයේදී අර රිදී මීයා සිහිවූ බිරිඳ එය කැබලි කර විකුණා සිය පවුලේ අවශ්‍යතා සම්පූර්ණ කලාය. නමුත් අභාග්‍යයකි! මේ බව මන්ත්‍රීතුමාට කෙසේ හෝ දැනගන්නට ලැබුණි. කලබලයට පත් ඔහු මේ පිළිබඳව වහාම සිය බිරිඳගෙන් විමසුවේය. මෙය අසා බියෙන් ගැහෙන්නට වූ මන්ත්‍රී බිරිඳ තමා ඔහු සතු තිළිණය සඟවා තබා ගත් අයුරුත්, එය විකුණා මුදල් ලබාගත් අයුරුත් පැහැදිලි කළාය. සිය නිකලැල් මහජන සේවයට ලැබුණු උපහාරය විනාශ කිරීම පිළිබඳව ඔහු කෙදිනකවත් තමාට සමාව නොදෙනු ඇතැයි ඇය සිතුවාය. එහෙත් මේ බැව් ඇසූ මන්ත්‍රීතුමා දිගු සුසුමක් හෙළීය.
"අපාරාදේ නෝනේ! මම උපන්නේ මී හරකාගේ අවුරුද්දේ කියලානේ කියන්න තිබුණේ!
කොහොමත් අපි වගේ මන්ත්‍රීලා උපදින්න ඕනා ඒ අවුරුද්දේ තමයි......
(වියට්නාම් ජනකතාවකි)

මම ඔය අවංක මන්ත්‍රීතුමෙක් ගැන කතාවක් ඇහුවමද කොහෙද..හිකිස්
ReplyDeleteපට්ටම කතාව! ලොල්ය
ReplyDeleteහික් හික්...මරු කතාව... ඒත් බලාගෙන හිටහන් සුදු වෑන් එකක් එයි දැන්....
ReplyDeleteනියමයි කතාව නම්..
ReplyDeleteමම ඒත් බැලුව මේ මොකෝ කියල... මේක මේ වියට්නාමෙ කතාවක් නෙ... ;)
ReplyDeleteනියම කතාව.. කොහොමවත් මන්ති බිරිදකට නොගැලපෙන බිරිදක් තමා ඉදලා තියෙන්නේ නම්
ReplyDeleteඒකනේ. සතා වැරදියට කියලා නේ.
ReplyDeleteමී හරකා කියලා කිව්වනම් ඉතින් හෙනම රිදී කුට්ටියක් ගන්න තිබ්බා.
නියම කතාවක් මල්ලි. කොහෙන්ද අප්පා මෙච්චර ෆන් කතා ලැබෙන්නේ.
නියම කතාවක් තමයි
ReplyDeleteහැක් හැක් හැක්.... වියට්නාමෙ ඈ? විස්වාස කරලත් බෑ, නොකරත් බෑ.
ReplyDeletehenryblogwalker the Dude
මම ඒත් බැලුවා අපේ ලංකාවේ කෙනෙක් ගැන කියනවද කියලා...
ReplyDeleteඅනේ අපේ රටෙත් එහෙම මීහරක් අවුරුද්දේ මන්ත්‍රීවරු බිහි වෙනවානම් !
ReplyDeleteෂා..... මරු කතාවක්නෙ.. ඔයාට මරු කතා හම්බෙන්නෙ.. ශෝයිම ශෝයි...
ReplyDeleteමන්ත්‍රීලට ඉතින් ගැළපෙන්නෙ මී හරක්ම තමා.. ඒකත් හොද වැඩියි...:p
වියට්නාමෙ හොඳයිනෙ. අවංක මන්ත්‍රීලත් ඉඳල තියෙනව.
ReplyDeleteඇත්තටම අවංකය මන්ත්‍රිලා ඉන්නවද යාලු..උපන්තේකට ඇහුවමයි මයෙ හිතේ...
ReplyDeleteහික්ස් මරු කතාව..ලංකාවේ එවුන් ඔහොම වෙයි කියල කලින්ම දන්න නිසා වෙන්න ඇති පරම්පරා 10කට විතර හම්බ කරන්නේ :-)
ReplyDelete@ ALL
ReplyDeleteඅදහස් දැක්වූ සැමට බොහොම ස්තූතියි. මම මේ කතන්දරය ගොඩක් කාලෙකට කලින් පොතක තිබිලා කියවපු එකක්.. ඇත්තටම අවංකකම නිසා ජීවිතේ අවසන් කාලේ දුක් විඳින්න මේ සමාජ ක්‍රමය නිසා සිදුවී තිබීම හරිම අවාසනාවන්තයි. නමුත් එහෙම ජීවත් වෙන එක වංචාවෙන් ජීවත් වෙනවාට වඩා වටිනවා
මම ඕකට සමාන කතාවක් කියෝලා තියෙනවා, ලංකාවේ ඔහොම ඩ්හෙයක් දෙන්න කෙනෙක් හොයාගන්න බැරිද දන්නෑ. :)
ReplyDelete