"මම බොහොම ආසයි කොමඩු කන්න. ඔන්න දවසක් පොඩි කාලේ මම පාර දිගේ ඔහේ ඇවිදගෙන යද්දි දැක්කා කොමඩු පිරුණ කරත්තයක්. වටපිටාවේ කවුරුත් හිටියෙත් නෑ. මම් හෙමිහිට කරත්තයට ලංවෙලා ලොකු කොමඩු ගෙඩියක් උස්සගෙන් දුවගෙන ගියා අහල පහල කාටවත් පේන්නේ නැති තැනකට. ගිහින් එතන තිබුනු පෙට්ටියක් උඩ වාඩි වෙලා එහෙම මම කොමඩු ගෙඩිය කන්න පටන් ගත්තා"
"නමුත් පළමු දත්පාර වදින කොටම මට මහා අමුතු හැඟීමක් ආවා. මේ ගෙඩිය මම කන්න හොඳ නෑ මම ආයෙත් පාරක් හිතුවා. එහෙම හිතපු මම ඒ කොමඩු ගෙඩිය අරන් කරත්තය තිබුණ තැනට ගියා. ඒ වෙනකොටත් එතන කවුරුත් හිටියේ නෑ. ඉතින් මම කොමඩු ගෙඩිය ආයෙත් කරත්තයෙන් තිබ්බා" ...
මෙහෙම කියපු මාක් ට්වේන් මොහොතකට කතාව නැවැත්තුවා. සභාවේ හිටපු හැමෝම මාක් ට්වේන්ගේ අවංකභාවය ගැන සතුටු වුණා. මේ ප්රසිද්ධ ලේඛකයා කුඩා කාලයේදිත් කොතරම් අවංක පුද්ගලයෙක්ද? දේශනය සංවිධානය කරපු උදවියත් බොහොම සතුටින් වට පිට බැලුවා. මේ දිහා මොහොතක් නිහඬව බලන් හිටපු මාක් ට්වේන් ආයෙත් දේශනය ආරම්භ කලා.
"ඒ අමු කොමඩු ගෙඩිය කරත්තයෙන් තියපු මම ආයෙත් හොඳට බලලා හොඳවායින් ඉදිච්ච කොමඩු ගෙඩියක් තෝරගෙන එතනින් පැනලා ගියා"

අන්න මිනිස්සු..අපේ අයියලානම් නිකන් තියනවා දැක්කොත් කරත්තෙමනේ උස්සනේ (ඔන්න මම එහෙම නෙවෙයි හොදේ :D)
ReplyDeleteමිනිහ ලොකු වෙද්දි ඔය අවංකකම නැති වෙන්න ඇති නේද? :D
ReplyDeleteමාක් ට්වේන් අතිදක්ෂ ලේඛකයෙක් විතරක් නෙවෙයි. අති දක්ෂ දේශකයෙක් බව දැනගත්තෙ අද. මම ඔය කතාව අහලා තිබ්බෙ නෑ. අදටත් මගෙ ප්රියතම පොත තම්යි "The Adventures Of Tom Sawyer" . ප්රියතම චරිතය Tom Sawyer. ඕක මම ඉස්සෙල්ලම කියෙව්වෙ චූටි එකා කාලෙ. එදා ඉඳලා මම ඕක කී පාරක් බයිබලේ වගේ නැවත නැවත කියෙව්වද කියලා මම දන්නෙ නෑ. ඔන්නම් බලන්න මගෙ profile එකේ Favorite Books List එකේ උඩින්ම තියෙනවා.
ReplyDeleteවිසිතුරු කියවලා නත්නම් කියවලා බලන්න විශේෂයෙන්ම අර වැට පාට කරන එකයි, පන්තියෙදි බෙකී තැචර් එක්ක යාලු වෙන එකයි.
henryblogwalker the Dude
ටොම් සෝයර් හා හක් ෆින් කතා මගෙත් ප්රියතමයි.. කට්ටිය අහලා තියෙනවාද? මේ පොත් 2කට අමතරව මාක් ට්වේන් " රහස් පරීක්ෂක ටොම් සෝයර්" නම් පොතක් ලියා තිබෙන වග? කියවලාම බලන්නකෝ!
ReplyDeletehttp://www.pagebypagebooks.com/Mark_Twain/Tom_Sawyer_Detective/
මම කලින් සඳහන් කරපු "රහස් පරීක්ෂක ටොම් සෝයර්" පොත නම් සිංහලට පරිවර්තනය වෙලා තියෙන්නෙ. නමුත් මේ පොත නම් මම දන්න තරමින් සිංහලයට පරිවර්තනය වෙලා නෑ.
ReplyDeleteTom Sawyer Abroad
http://www.pagebypagebooks.com/Mark_Twain/Tom_Sawyer_Abroad/
අලේ........ ඔයටනම් මේ ලස්සන කතා කොහෙන් හම්බෙනවද මංදා.. ඇත්තටම "විසිතුරුයි"
ReplyDeleteහරිම අගෙයි.... දිගටම ලියන්න මෙහෙම ඒවා.. ජය වේවා..!!!!
අන්න මිනිස්සු.. නියම අවංක ඇත්ත කතා කරන පුද්ගලයෙක්...
ReplyDeleteනියම කතාව... ඇත්තටම කොහොමද අමු ගෙඩියක් කන්නෙ... හොඳ ඒව තියෙනව කියල දැන දැන...
ReplyDeleteපොඩි කාලෙනම් ගෙඩියක් ඇති තමයි..
ReplyDeleteඅන්න මිනිස්සු... එහෙම තමා ඉන්න ඕන...
ReplyDeleteකොහොම උනත් එය තමන්ට අවංක පොරක්,එහෙම එකෙක් වත් අද හොයන්න naa ne......
ReplyDeleteඅනේ අර දේශනය සංවිදානය කරපු අයට මොනවා හිතුනද දන්නෙ නෑ..:)) පව් වැඩේ..
ReplyDeleteමගේ නම් ප්රියතම හක් ෆින් ,
ReplyDeleteසිරාවට මම මේ වගේ කතාවක් අහලම තිබ්බේ නැහැ,කොහෙන් හොයාගන්නවද මන්දා :) :)
ඔහොමම කමා කරන්න ඕනෙ.
ReplyDeleteඅයිතිකාරයා කොහේ මකබෑවිලාද කරත්තෙ ළඟ ඉන්නෙ නැතුව. හික්.
විශ්ව, Hare, Dude, හිතුවක්කාරි,Dinesh, සාතන්, Outsider, සීතල අයියා, Tharindu, නිසූපා අක්කා, චම්මා සහ පැණි දොඩම්(නුවන් අයියා)
ReplyDeleteකට්ටියටම අදහස් පළ කළාට බොහොම ස්තූතියි. එදත්, අදත්, හෙටත් මාක් ට්වේන්ගේ පොත් ලොව පුරා ජනප්රිය වේවි. ටොම් සෝයර් හා හක් ෆින් පොත් සිංහලට හැරවූ රාණි රාජපක්ෂ මැතිනියටත් චන්ද්ර අනගිරත්න මහතාටත් මෙහිදී අපි ස්තූති කළ යුතුයි මුල් ඉංග්රීසි පොත් වල චමත්කාරය එලෙසින්ම සිංහල පාඨක අපට ලබා දුන්නාට.
අවංකකමේ උපරිමය.. ඒකට අපේ ගොයියලා බහුතරයක්ම කරන්නෙ දේශනා කරන, උගන්වන දේවල් එකයි කරනකොට ඊට හාත්පසින්ම විරුද්ධ දෙයක් තමයි කරන්නෙ..
ReplyDeleteමාර්ක් ට්වේන්ගේ ටොම් සෝයර් සහ හක්ල්බරි ෆින් කතා කියෙව්වේ ගොඩාක් ඉස්සර, දැන් නම් රසවත් බවේ මතකයක් විතරයි තියෙන්නේ! මොනවා වුනත් මේ කතාව නම් ෆට්ට...
ReplyDeleteඇත්තටම ඊට පස්සේ මොක්ද දන්නේ නැ නේද උනේ.. ඒත් කරපු වැරද්ද්ක් කියන්න තරම්න් අවංක උන එක ගැනත් සතුටු වෙන්න ඕනා
ReplyDeleteමල්ලිට මේවගේ කතා කොහෙන් ලැබෙනවද මන්දා.
ReplyDeleteකොච්චර නම් අවංක කෙනෙක්දෑ. මතක් වෙනකොටත් හිනා යනවා.
ලියන්නා, ගීතක, දේවා, මධුරංග
ReplyDeleteතමන් කරපු වැරැද්දක් වුනත් ඒ බව බොරුවට වහන්න උත්සාහ නොකර ඒ බව පිළිගෙන වරද හදා ගන්නවා නම් එයයි නියම අවංක බව විදියට මම දකින්නේ. මේ කතන්දර නම් මම අහපුවා, දැකපුවා සහ කියපුවා තමයි. ජය වේවා!
ලැබෙන දඬුවම එකම නම් නරක එකක් නැතුව හොඳ එකක් හොරකම් කරන එක ලාබයි නෙ...හික්ස්
ReplyDeleteසිරා කතාව වවුලෝ! හික්ස්!
ReplyDeleteමාක් ට්වේන් අති දක්ෂ සමාජයේ තියෙන සමහර දේවල් හාස්යයයට ලක් කරන ඒවා ඉතා ලස්සනට ලියන කෙනෙක් ඉතින් මේක වෙන්න බැරිත් නෑ
ReplyDeleteහරි ලස්සන කතාවක් නේ..හක් ෆින් සහ ටොම් සෝයර් නම් කොච්චර කියෙව්වත් එපා වෙන්නේ නැහැ..
ReplyDeleteමම අසම පොතක් තමයි ටොම් සෝයර් කියන්නේ.. ඕක මමත් සැහෙන්න සැරයක් කියවල තියනවා. ඒ කථාවෙයි මගේ කථාවෙයි සමහර සිද්ධි ගැලපුණ හින්දද මන්ද මම ඒකට ඒ තරම් ආස කරේ. මාක් ට්වේන් කියල තියනවා සුදුසු තැනක සුදුසු දේ කීම අගෙයි, එත් නුසුදුසු තැනක නුසුදුසු දේ කීම ඊට වඩා අගෙයි කියල.. ඒ වගේ තමා මේ කතාවත්..
ReplyDeleteබූඩී - මම අහලා තියෙන විදියට මේක ඇත්ත සිද්ධියක් සහෝ
ReplyDeleteසයුරි - අපි හැමෝම ටොම් සෝයර් රසිකයෝ වගේ.. බොහොම සතුටුයි
ක්සැන්ඩර් - සහතික ඇත්ත සහෝ!
මාර්ක් ට්වේන්ගේ කථා නම් උපරිමයි. අර ප්රසිද්ධ පත්තරේ ඉන්න මකුණාගේ කථාව කිවුවෙත් එයානෙ.
ReplyDeleteමේ කථාව නම් මම අහල තිබුනෙ නෑ. කොහොම වුනත් සම්පූර්ණ කථාව අහන්න කලින් තීරණ ගන්න හොඳ නෑ.