තමන් විවිධ මාර්ගඵල ලබා ගත් බව සඳහන් කරමින් මාධ්‍ය ඉදිරියේ පෙනී සිටින පුද්ගලයන් කාලයෙන් කාලයට මතු වෙනවා. ඒ ගැන මගේ අදහස නම් එවන් මත පිළිබඳ කතා කිරීමට අපට සුදුසුකම් නැති බවයි. නමුත් වංචාවක් සිදු වේ නම් ඒ ගැන නිවැරදි ක්‍රියාමාර්ග වහාම ගත යුතුයි. නැතිනම් එවන් අයට රැවටෙන පුද්ගලයන්ට සිදුවන හානිය අතිවිශාලයි. මේ සියලු සිදුවීම තම තම නැණ පමණින් දැන ගත යුතු දෑ විදියටයි මම සලකන්නේ. තමන් නිවැරදිව ධර්මය හදාරා තිබෙනවා නම් නිවැරදී දේ තෝරා බේරා ගන්නට තමන්ටම හැකිවිය යුතුයි.
ඔය අතරෙදි මට මතක් වුණා මම කියවලා තිබුණ පරණ කතන්දරයක්.
එක විල්තෙරක පිහිටලා තිබුණ පන්සලක ජපන් ජාතික තරුණ හාමුදුරුනමක් වැඩ සිටියා. මේ විල මැද්දෙ සෑහෙන ගොඩබිමට නොපෙනෙන දුරින් තරමක් විශාල දූපතක් තිබුණා. තරුණ හාමුදුරුවො තීරණය කරා තමන් මේ කලබලකාරී ලෝකයෙන් මිදිලා නිවන් අවබෝධ කරගන්න කටයුතු කළ යුතු බවට. එහෙම හිතපු උන්වහන්සේ වැඩි දුරටත් අධිෂ්ඨානය කරගත්තා ඒ නිවන් අවබෝධ කරගැනීම තරුණ වියේදීම ඉටුකරගත යුතු බව. ඉන්පසු තමන්වහන්සේට ලෝ සතහට සෙත සදමින් දිගුකලක් කටයුතු කිරීමට හැකිවන බව උන්වහන්සේ හිතුවා. අවසානයේදී සිය ගුරු හාමුදුරුවන්ගෙන් අවසර ලබා ගත්ත තරුණ හිමිනම විල මැද්දෙ තිබුණ දූපතට වැඩම කරලා කුඩා කුටියක් තනාගෙන භාවනා කරන්න පටන් ගත්තා. උන්වහන්සේට අවශ්‍ය අහාර පානාදිය රැගෙන සතියකට වරක් කෙනෙක් එවන්නත් කටයුතු සූදානම් කළා.
ටිකෙන් ටික කාලය ගෙවුණා තරුණ හිමිනම වීර්යයෙන් සිය උතුම් අරමුණ සාක්ෂාත් කරගැනීමට වෙහෙස වුණා. එතුමා සතියකට වරක් ආහාර රගෙන එන තැනැත්තා සමඟවත් කතාබහ කළේ නැහැ. සම්පූර්ණයෙන්ම හුදෙකලාව කාලය ගත කිරීමට උන්වහන්සේ තීරණය කර තිබුණා. මෙලෙස වසර 3ක්ම ගෙවුණා. තමන් වහන්සේ තම අරමුණට ළඟා වී ඇති බව අවසානයෙදී තරුණ හිමිනම අවබෝධ කරගත්තා. එතුමා තීරණය කළා මේ පුවත සිය පන්සලේ නායක හිමියන්ට දන්වන්න. ඒ අනුව ඊළඟට අහාර රැගෙන ආවතේවකරු පැමිණි දිනයේ උන්වහන්සේ දැන්වූවා උසස් තත්වයේ කඩදාසියක් සහ තීන්ත සහ පෑනක් ලබන වතාවේ රැගෙන එන ලෙස. ඊළඟ දින කිහිපය භාවනා කරමින් සහ සිය උත්සාහයෙන් අවබෝධ කරගත් උතුම් තත්වය නායක හිමියන්ට දන්වන අයුරු කල්පනා කරමින් උන්වහන්සේ ගතකළා. ඊළඟ දින කඩදාසිය හා අවශ්‍ය දෑ රැගෙන ආවතේවකරු පැමිණි පසු උන්වහන්සේ ඔහු අත ඉතා ප්‍රවේශමෙන් සහ වටිනා අත් අකුරින් මෙලෙස ලියා යැව්වා.
පුරා තුන්වසක් තනිව බවුන් වැඩූ
තියුණු අනලස් තරුණ හිමිනම
ලෞකික මාරුත සතර මඟින්
තවත් නම් සෙලවිය නොහේ
ලිපිය යැවීමෙන් අනතුරුව උන්වහන්සේ මහත් ප්‍රීතියෙන් කල්ගත කළා. සිය නායක හිමියන් ලිපිය කියවා උද්දාමයට පත්වන අයුරු, දායකාදීන්ට පවසා තමන්වහන්සේ ගෞරව සම්ප්‍රයුක්තව වඩම්මවන අයුරු, මුළු මහත් දේශය පුරා තමන් වහන්සේ කරන්නට යන ධර්ම ප්‍රචාරය කරන අයුරු උන්වහන්සේ මෙනෙහි කරමින් පසුවුණා. නිසැකවම ඒ වටිනා ලිපිය පරම්පරා ගණනක සත්‍ය ගවේෂකයන්ට අත්පොතක් වේවි.
ආවතේවකරු ඊළඟ දිනයේ දූපතට පැමිණෙන විට තරුණ හිමිනම තොටුපළට වැඩම කර සිටියා. ඔහු හිමිනම පෙර යැවූ ලිපිය බඳු ලිපියක් බාරදුන්නා. නමුත් එය නිකම්ම නූල්පටකින් බැඳ තිබුණා. එය දුටු තරුණ හිමිනමට අමුත්තක් දැනුණා. "මේ ලොකු හාමුදුරුවන්ගෙන්" ආවතේවකරු කෙටියෙන් කියා දැම්මා. අප හිමියන් වහාම ලිපිය දිග ඇරියා ඒ ඔහුගේම ලිපියයි. නමුත් කියවන විට උන්වහන්සේගේ නෙත් විශාල වුණා. මාහැඟි අත් අකුරින් ලියූ කවියේ හැම පේළියකම අගට නායක හිමියන්ගේ අත් අකුරින් නිකම්ම රතු පැහැති පෑනකින් "අධෝවාතය" යනුවෙන් නොසැලකිල්ලෙන් කුරුටු ගා තිබුණා.
තරුණ හිමිනම දැඩි ලෙස කළකිරුණා. මේ නම් වයස්ගත නායක හිමියන්ගේ ඊර්ෂ්‍යා සහගත නොමනා ක්‍රියාවක්. තමන් ලද උතුම් තත්වය දරා ගත නොහැකිව කරපු අපවාදයක්. පරම සත්‍යය වෙත කරපු නිග්‍රහයක්. කෝපයෙන් දිදුලමින් උන්වහන්සේ ආවතේවකරු සමඟ බෝට්‍ටුවට නැඟී විල්තෙර පන්සලට වැඩම කළා. මේ උන්වහන්සේ වසර තුනකට පසු ගොඩබිමට ආ පළමු වතාවයි. ගොඩට ආ වහාම උන්වහන්සේ සිය නායක හිමියන් වෙත වේගවත් ගමනින් වැඩම කළා. වියරුවෙන් මෙන් නායක හිමියන් බැහැදුටු තරුණ හිමිනම ලිපිය දිගු කොට වහාම පැහැදිලි කිරීමක් ඉල්ලා සිටියා. සන්සුන් විලාසයෙන් ලිපිය අතට ගත් නායක හිමියන් එය දිගහැරියා.
පුරා තුන්වසක් තනිව බවුන් වැඩූ
තියුණු අනලස් තරුණ හිමිනම
ලෞකික මාරුත සතර මඟින්
තවත් නම් සෙලවිය නොහේ
ලියවිල්ල පහත දැමූ නායක හිමියන් තරුණ හිමියන්ගේ මුහුණ දෙස බලා මෙසේ වදාළා."එහෙනම් පොඩි හාමුදුරුවනේ, ලෞකික සුළං හතරට නොසෙල්විය හැකි ඔබවහන්සේ පුංචි අධෝවාත 4කින් මෙගොඩටම ගසාගෙන ආවා නේද?"
මූලාශ්‍ර - ඔබේ හදවතේ දොර විවර කිරීම - පූජ්‍ය අජාන් බ්‍රහ්මවංසෝ හිමි
ඇත්තටම ඒක නම් නියම අපවාදයක් තමයි. :)
ReplyDeleteමං හිතන විදියට නම් දැන්, තමන් මාර්ග පල අවබෝධකරගෙන ඉන්නේ කියල හිතාගෙන ඉන්න ගොඩක් අයට වෙලා තියෙන්නෙත් මේ තරුණ හාමුදුරුවන්ට වෙච්චදේම තමයි...
කතාව විසිතුරු විදියට ලියල තියෙනවා සහෝදරයා...
හරිම අපුරු කතාවක්.
ReplyDeleteමේ කාලේටම ඔබින කතාවක් ;)
ReplyDeleteනියම කතාවක්. මේකත් අර කලින් පෝස්ට් වල ලියවෙච්චි අජාන් හිමියන්ගේ කතාවක් ද ?
ReplyDeleteඅම්මෝ මාර්ග ඵ්ල ලබපු හාමුරු නමක් මටත් හම්බ උනා. ඒ ගැන මාත් වෙලාවක ලියන්නම්.
වටිනා අදහසක්..අපුරුවට ලියලා..
ReplyDeleteදැන් ඉන්න කාගෙත් කයිවාරුව විතරනේ කොමත්..වැඩ නම් නැහැ..
විසිතුරාත් මේ බණ කතා කිය කිය ඉඳලා අභිනිෂ්ක්‍රමණය කරයිද කියලා මම කල්පනා කලේ.
ReplyDeleteලස්සන කතාව විසිතුරු.
henryblogwalker the Dude
සෑහෙන ගත යුත්තක් තියෙන කතාවක්....
ReplyDeleteමේ කථාව සමහරවිට අහලත් ඇති.
ReplyDeleteමම මේ බ්ලොග් එකට අළුත් නිසා, ඔබසැම අසා නැතිය හිතාගෙන කෙටියෙන් කියන්නම්.
මේ කථාවේ පොඩිහාමුදුරුවන් රහත් වෙලා හිටියේ. ගුරු හාමුදුරුවන් ධ්‍යාන ලබා තිබුනද රහත් වෙලා හිටියේ නැහැ. ඒත් එතුමන් හිතාගෙන උන්නේ තමන් රහත්ය කියලා. දන්නවානේ රහතුන් තමන් රහත්ය කියලා කියන්නේ නැහැ නොවැ. මේබව ගුරු හාමුදුරුවන්ට අවබෝධ කරවන්න උපායක් කල්පනාකල පොඩිහාමුදුරුවන්, කුලප්පු වූ ඇතකු මවන ලෙස ගුරු හාමුදුරුවන්ගෙන් ඉල්ලා සිටියේලු.
ධ්‍යාන බලයෙන් මවන ලද ඇතා තමා දෙසට හැරීමේදී බියට පත් ගුරු හාමුදුරුවන්ගෙන් ඉවතට දිවගිය අතර තමා තුල භය ඇතිවීමෙන් තමා රහත්බවට පත්ව නැති බව පසක්කරගත් නුවණැති ගුරු හාමුදුරුවන් බවුන්වඩා නොබෝකලකින්ම රහත්වීලු.
නියමයි සහෝදරයා නියම තේරුමක් තියන කතාවක්
ReplyDeleteකතාවේ යටි පෙල අදහස නම් අදටත් හොඳටම වලංගුයි !
ReplyDeleteඅපූරු කතාවක්......
ReplyDeleteකතාවට පාදක වුන කතාව නම් දන්නවා..
ReplyDeleteජය,,
අහලා තියන විදිහට මම නම් දන්නේ තමන් කිනම් හෝ මාර්ග ඵලයක් ලබාගෙන තියනවානම් තමන් ඒක ලබාගෙන තියනවා කියලා කියන්නේ නැහැලු (මේ කාලේ නම් කියනවානේ) නියමයි කථාව ගොඩාක් අදට ගැලපෙනවා
ReplyDeleteවිසිතුරු බ්ලොග් එකට ගොඩ වැදුනේ අදනේ,.. ගොඩාක් පොස්ට් තියනවා කියවන්න.. ජයවේවා
ReplyDeleteනියමයි...ඇත්ත ඕකයි..
ReplyDeleteමේ කාලෙට ගැලපෙන කතාව....
ReplyDeletehttp://bit.ly/sEFEwh [PDF]
ReplyDeleteඔය උඩ ලින්ක් එකේ තියන පොත කියවල බලන්න.
තමන් සර්ව සම්පූර්නයි කියලා පෙන්නන්න හදන හාමුදුරුකෙනෙක් අනිත් අය ගැන කොච්චර දේවේශසහගතව තමන්නේ ජීවිත කතාව ලියලා තියනවද කියලා.
මට නම් කියවන කොට හිතුනේ හැමතැනම වලි දාගන්න, කන්න දීපු අත හපාකන කෙනෙක් ගැන ලියපු පොතක් කියලා
අනේ ඒ කවිය අර උන්නාන්සෙට යවාගන්න විදියක් නැති හැටි....!
ReplyDeleteවටිනා ලිපියක්.ස්තුතියි.
ReplyDeleteනියම කතාව. කතාවනම් සහතික ඇත්ත..
ReplyDeleteමරු
ReplyDeleteනියම කතාව.
ReplyDeleteමේ දවස් වලට ගැලපෙන ලිපියක්...
ReplyDeleteනියමයි...අපූරු කතාවක් විසිතුරු
ReplyDeleteතමන් ගැන අධිතක්සේරුවෙන් තීරණ වලට එළඹෙන්න නරකයි.
ReplyDeleteඅපේ රටේත් ගොඩක් අය එහෙම කරනව. ඒක කරන්නෙ ලෞකික වාසි බලාගෙනයි. ඒකට කොටසක් රැවටෙනව. ඒත් කරන්න දෙයක් නෑ. මාර්ගඵල ලබමින් ඉහළට යන උදවිය භෞතික දේවල් තැකීමක් නොකරන බව බෞද්ධයෝ දන්නව. එසේ තිබියදීත් ධනය හෝ භෞතික සම්පත් එහෙම අය වෙනුවෙන් වැය කරනවනම් ඒක මෝඩ කමක්. ඒ තුළින් මාර්ග ඵල මිළදී ගන්න හිතනවනම් ඒකත් මෝඩ කමක්.
නියම ආදර්ශය කතාව තුළ තියෙනව.
මැක්සා කතාවක් නේ....
ReplyDeletehiks..!!
ReplyDeleteනියම කතාව,,,,
ReplyDeleteනියම කතාව..
ReplyDeleteහැමදාම වගේ රසවත් කතාවක් එක්ක ගතයුතු දේවල් ගොඩක්. ස්තූතියි විසිතුරු.
ReplyDeleteඔහොම අධොවාත නිවන් දැක්ක එක් නමක් බොරලැස්ගමුව පැත්තෙ ඉන්නවලු..
ReplyDeleteමේ කතා කියවන විට විසිතුරු බ්ලොග් එක කියවන්න ගත්තු එක ගැන සතුටු සිතේ. දැම්ම බෙදමි.
ReplyDeleteඅදමයි මේ පැත්තේ ආවේ මං හිතන්නේ.......... හොඳම හොඳ කාලෝචිත කථාවක්
ReplyDeleteමාත් මේ ඊයේ පෙරෙයිදා ඔහොම කතාවක් දැක්කා. අනේ මන්දා. “මට පිස්සු වගේ....
ReplyDeleteඅනේ මන්ද මම ඊයේ පෙරේද දවසක අහගෙන හාමුදුරු නමක් කියනවා එයා මාර්ග පල වලට පැමිනිලාය, එහෙම පැමිණුන අය ඒක හංගන්නේ නැතිය කියල
ReplyDeleteසමාවෙන්න විසිතුරු පමා වුනා එන්න..කියලා වැඩක් නෑ වෙනදා වගේම සුපිරිම ගනේ විසිතුරු කතාවක්..:)හරිම කාලෝචිතයි.මොකද ම් මාර්ගපල ලැබිලා කියන කතාව දැන් ටිකක් කතාකෙරෙන මාතෘකාවක්නෙ.
ReplyDeleteමට හිතෙන විදිහට එහෙම මාර්ග ඵල ලාභීන්ව හඳුනාගන්න පුලුවන් ඒ තත්වයකටම පත් වුණු අයෙක්ටමයි. කොහොම නමුත් මේ ලඟදී මාර්ග ඵල ලැබුවා කියලා කරන භික්ෂුව කරන ද්වේෂ සහගත ප්‍රකාශ වගේම අභියෝගාත්මක ප්‍රකාශත් එක්කම ඒ භික්ෂුවගේ මාර්ග ඵල ගැන නම් ඇත්තටම සැක සහිතයි. කොහොම නමුත් කොසොල් රජතුමා තමන් දුටු හීන 16 නුත් මේ වගේ තත්ව ගැන දැකලා තිබුණා නොවැ :))
ReplyDeleteනියම කතාව අයියා
ReplyDeleteකාලෙට ගැලපෙන කතාව විසිතුරු....
ReplyDeleteIce (අයේෂා කුලතුංග)
ReplyDeleteඒක නම් ඇත්ත අයේෂා අද කාලේ ගොඩක් දෙනා මෝහෙන් මුලා වෙලා, මානෙන් උදම් වෙලා .........
Anonymous - Thanks!
ChammA - Thanks machan!
මධුරංග - ලියන්නකෝ අයියා ඒ ගැන. ඔව් මේක අජාන් හිමියන් කියපු කතාවක්.
ReplyDeleteනිම්ශා - ස්තූතියි නිම්ශා!
Dude - අපි දැන් දැහැමි පොරවල් හෙන්රි අයියා!
මාතලන් - ස්තූතියි අයියා! ගත යුත්ත ගත්තා නම් වටිනවා! ජය!
පෙදරේරුවා නොහොත් මේසන් බාස්
ReplyDeleteඔබ එකතු කරපු කතන්දරයට බොහොම ස්තූතියි යාලුවා. මේ ලිපිය වඩාත් හරවත් වන්න ඔබේ කමෙන්ටුව හේතු වේවි. ජය!
ලාබයි ඇපල් - දර්ශන - ස්තූතියි සහෝ!
Weni - ඊයෙත්, අදත්, වගේම හෙටත්!
charmi - ස්තූතියි charmi!
Gayan Rupasinghe - අන්න හරි. ඒ සිද්ධිය නිසා තමයි මේක ලිව්වෙ.
දේවා ගේ අඩවිය - ඔය කතාව මමත් අහලා තියෙනවා. ඒත් ඇත්තද කියලා නම් දන්නෙ නෑ.
ReplyDeleteහිතුමතේ - සාදරයෙන් පිළිගන්නවා විසිතුරු වෙත!
සයුරි - ස්තූතියි අක්කේ!
Dinesh - ස්තූතියි අයියේ!
Anonymous - මම ඔය කතාව කියෙව්වා. ඔබ කියපු දේම මටත් හිතුණා. ස්තූතියි!
Prasanna - යවලා බලමුද? :-D
ReplyDeleteතීර්ථ යාත්‍රිකයා - අදහස් දැක්වූවාට තුති
සීතල අයියා - ස්තූතියි අයියේ!
නෙරංජි | Neranji - ස්තූතියි අක්කේ!
ReplyDeleteරාජ් - ස්තූතියි අයියේ!
නිසුපා - ඊයෙත්, අදත්, වගේම හෙටත් ගැලපෙනවා අක්කේ
දිල් - ස්තූතියි අක්කේ!
ReplyDeleteOutsider - ඒක ඇත්ත. නියම දහම නියම අයුරින් තේරුම් ගත්තා නම් බොරුකාරයන්ට අහුවෙන්න වෙන්නෙ නෑ.
රහස් පරික්ෂකයා - ස්තූතියි මචන්
වින්චැට් කිරිල්ලී - :-D
ReplyDeleteදූපත් වැසියා - Thank you!
රූ.... - ස්තූතියි රූ!
ReplyDeleteරෝස කුමාරි - ස්තූතියි රෝස කුමාරියේ!
සරත් ලංකාප්‍රිය - අන්න ඒ ගැනත් එක්ක තමයි මේ ලිපිය ලියැවුනේ!
බුද්ධි - ස්තූතියි බුද්ධි අයියේ! ජය!
ReplyDeleteRanDil - ස්තූතියි RanDil!
malmi - ස්තූතියි අක්කේ! පිස්සු හදාගන්න එපෝ!
Observer - මම නම් හිතන්නෙ හන්ගන්නෙ නැති වුණාට අර අදාල සිද්ධියෙ වගේ හැසිරෙන එකක් නම් නෑ.
හිතුවක්කාරි - පමා වුණාට කමක් නෑ හිතූ සොයුරිය.. මටත් හිතුණා කාලෙට හරියන කතාවක් දාන්න.
ReplyDeleteHasitha - ඒ හීන සැබෑ වෙන යුගය දැන් උදා වෙලා වගේ! අපෙත් අවාසනාව
වර්ණා - ස්තූතියි වර්ණා!
Miyuru - ස්තූතියි Miyuru අක්කේ!
ela ela pattama adahas dak willak
ReplyDeletewww.cinelanka.net
Cine Lanka - Thanks :-)
ReplyDeleteඅර Anonymous හාදයා කියවන්න කියල දුන්නු link එක මොකක්ද?
ReplyDeleteඒක වැඩකරන් නෑනේ..
විසිතුරු ඒක කියෙව්වනම් අපිටත් ඒ ලින්ක් එක දෙන්නකෝ
http://bit.ly/sEFEwh
ReplyDeleteරත්නෙ, ඔය උඩ ලින්ක් එක ට්‍රයි කරලා බලන්න. PDF පොතක් බාගන්න ලබේවි. ඒක කියවන්න. ජය!