2012-01-29

පළමු ගැහැනිය


ගැහැනු උදවිය තුළ තමන්ගේ සැමියා ගැන සැකයක් තිබීම සාමාන්‍ය දෙයක්ලු. නමුත් සමහර වෙලාවට ඔය හින්දා අමුතු විදියේ ප්‍රශ්න ඇති වෙනවා. ලොව පහළ වුණ පළමු මිනිසා වෙච්ච ආදම් උන්නැහේ ඔන්න සති දෙක තුනක ඉඳන් ගෙදර එනකොට හොඳටම රෑ වුණා. ආදම්ගේ බිරින්දෑ වෙච්ච ඒවා මේ ගැන පොඩ්ඩක්වත් කැමැති වුණේ නෑ.

දවසක් ආදම් රෑ වෙලා ගෙදර එනකම් ඒවා කේන්තියෙන් බලන් හිටියා. ආදම් ආපු ගමන් ඒවා ඔහුගේ ඇඟට කඩන් පැන්නා. " මොකද අදත් පරක්කු? තමුසේ වෙන ගෑනුත් එක්ක ඉඳලා නේද එන්නේ? මට ඇත්ත කියනවා"

හොඳටම මහන්සි වෙලා හිටපු ආදම් පුදුම වෙලා මෙහෙම අහුවා "ඔයා හරිම අසාධාරණයි ඒවා, ඔයා තමයි ලෝකෙ ඉන්න එකම ගැහැනිය! මම වෙන ගෑනු කොහෙන් හොයන්නද?" 
මේ උත්තරයෙන් ඒවාට කට උත්තර නැති වුණා. නමුත් රණ්ඩුව දිගටම ඇදීගෙන ගියා. අන්තිමට හොඳටම එපා වෙච්ච ආදම් තනියම නිදාගත්තා.

නින්දෙන්ම ආදම්ට දැනුණා කවුරුහරි තමන්ගේ පපුවේ තැන් තැන් වලට අනිනවා වගේ. ඇස් ඇරලා බැලින්නම් ඒ ඒවා. "මොකක්ද ඔහේ ඔය කරන්නෙ?" ආදම් නිදිමතේම ඇහුවා"

"මම ඔයාගෙ ඉළ ඇට ගණන් කරනවා"

ඉඟිය - බයිබලයේ සඳහන් වන අන්දමට දෙවියන් වහන්සේ ලොව  මැවූ මුල්ම මිනිසා ආදම් වන අතර පසුව ඔහුගේ ඉළ ඇටයක් ගෙන මුල්ම ගැහැනිය වන ඒවා මවන ලදී.

40 ක් සහෘද අදහස්:

  1. ඔන්න එහෙනම් ඔතනින් තමයි සැකේ පටන් අරන් තියෙන්නේ..

    ReplyDelete
  2. ඉතින් කීයක් අඩුවෙලා තිබුණද....? :D

    ReplyDelete
  3. පට්ට ජෝක එක.. නියම ජෝක්ස් කියන්නේ මේවට...

    ReplyDelete
  4. මුල ඉඳම්මයි මේ වැඩේ වෙලා තියෙන්නේ නේද? කොහොම උනත් කාතාවනම් ඇත්ත පිරිමියෙක්ට සාපේක්ෂව ගැණියෙක්ගේ සැක කිරීම් වැඩි . ඒක අපිට පිලිගන්න වෙනවා .

    ReplyDelete
  5. අපේ කශ්ටියව සැක නොකර සිටින්නේ මෝඩ ගෑනු පමණි

    ReplyDelete
    Replies
    1. හි හී.. කොල්ලෙක්ගේ කටින් ම මෙහෙම කිව්ව එක අහන්නත් සතු‍ටුයි...

      ~~~**දඟ මල්ල**~~~

      Delete
    2. ඔයා නියම පිරිමියෙක් වගේ කතා කිරීම පිළිබඳ මාගේ බලවත් සතුට සහෝ.. :D

      Delete
  6. ඇඩ්ඩිං මහත්තයා නැගිටලා.... යංතං ඇති

    ReplyDelete
  7. කිසි ම සම්බන්ධතාවයකදි, සැකය නම් කොහෙත් ම හොඳ දෙයක් නෙවෙයි. පිරිමින් ට සාපේක්ෂ ව ගැහැණුන්ගේ සැකය වැඩි ඇති. ඒත් හැම කෙනා ම එහෙම නෑ කියලත් දැන ගන්න ඕනේ......

    ~~~**දඟ මල්ල**~~~

    ReplyDelete
  8. ඒ කියන්නේ මුල ඉදන්ම කාන්තා පාර්ශවය ඔහොමයි...

    ReplyDelete
  9. ගෑනු ගැන අමුම අමු ඇත්ත විස්තර කරන ලිපියක්! :)

    ReplyDelete
  10. පුදුම සැකයක්නෙ මේක! ඇඩම්ව එහෙම සැක කලා නං අප වැනි නර පනුවන් ගැන කුමන කතාද?
    henryblogwalker the Dude

    ReplyDelete
  11. මිනිස් සත්වයා ඉපදුනු දවසේ සිට මේ වගේනම් ඉතින් අපි ගැන කුමන කතාද? දැන දැන නේ අපි ඒ වලේ වැටෙන්නේ..

    කොහෙද බං මෙච්චර කාලයක් ගිහිල්ල හිටියේ..

    ReplyDelete
  12. ශා මාර කතාවක්නෙ..:D සැකයටත් සෑහෙන ලොකු ඉතිහාසයක්නෙ තියෙන්නෙ හෆ්ෆා..

    ReplyDelete
  13. අඩේ පට්ට කතාව !!!
    කිව්වත් වගේ කීයක් අඩුවෙලා තිබ්බද ?

    ReplyDelete
  14. අනේ පව් අසරණ ආදම්....ඒවාට දෙවියෝ ශුවර් නෑ නේද ඒ කියන්නේ?

    ReplyDelete
  15. ඉල ඇට වලින්ම මැව්ව එක හොඳට ගියා. එහෙම නොවුණ නම් ආදම් ඉවරයි.

    ReplyDelete
  16. හික් හික් මටත් දවසක් තේරුනා කව්ද පපුවට අනිනව වගේ......

    ReplyDelete
  17. මන් එක කාලෙක හිටි බෝඩිමේ ඇන්ටි නම් අන්කල්ගේ ඉල ඇට ගණන් කළා මතකයි දවසක් මහා රෑ. අපිට තමයි ඉස්පිරිතාලේ අරන් යන්න උනේ.. ඔන්න ඒවාගේ හොඳ ගෝලයෙක්..

    ReplyDelete
  18. හි හි...

    ඒවා ද ඊවා ද ?

    ReplyDelete
    Replies
    1. නෑ නෑ ඒව නෙමෙයි මේ කියන්නෙ :D

      Delete
    2. සොරි සොරි.."ඊව්" :ප

      Delete
  19. ගෑණු සැක කරනවා වැඩියි කියන එක නම් සහතික ඇත්ත... :D

    ReplyDelete
  20. ඔය ආදම් සහ ඒව චයිනීස් ඩයල් දෙකක් උනානං තහනං ගහේ ඇපල් නොකා සර්පයව කාල ඉන්න තිබ්බ. එහෙම උනානං මේ ලෝකෙ කොච්චර හොඳද!

    ReplyDelete
  21. ඉල ඇට විතරක් ගැනල බේරුනා නං ලොකු දෙයක්, අනිත් ඇට චෙක් කොරන් නැතුව....හෙහ්...හෙහ්...

    ReplyDelete
    Replies
    1. හි හි..ඔබා මාමා ඉතින් කිව්වොත් ඔහොම එකක් තමයි..!!!

      Delete
  22. මම එකග නෑ.. ඔය කියන එකට හාත්පසින්ම වෙනස් කාන්තාවන් ඉන්නවා.. :) හැබැයි මරු කතාව.. :D :D :D

    ReplyDelete
  23. පව් නේද බන් අපි... අපිව නිකං සැක කරනව :)

    ReplyDelete
  24. ඕනෙම ඇටි කෙහෙලක් ඇතිනේ ගෑනුන්ට පිරිමින්ව සැක කරන්න ඒ කාලේ එහෙම නම් දැන් කාලේ කොහොම ඇතිද හම්මෝ

    ReplyDelete
  25. කොහොමද විසිතුරු සැප සනීප?
    හුඟ දවසකින් මේ පැත්තේ ආවේ. පරණ පුරුදු විදිහටම විසිතුරු කතා දිගටම ලියනවා නේද?
    හොඳයි, හොඳයි! මේ කතාවත් විසිතුරුයි.

    ReplyDelete
  26. අදහස් දැක්වූ මිතුරු ඔබ සැමට බොහොම ස්තූතියි! .... මට ඉස්සර වගේ දැන් බ්ලොගේ පැත්තෙ නිතරම එන්න වෙලාවක් නෑ නොවැ. ජය!

    ReplyDelete
  27. ආදම්ගේ ඉළ ඇටයක් දේව දූතයා ගේද්දී යක්ෂයෙක් ඒක කාපු නිසා දේවදූතයා ඒ යක්ෂයාගේ ඉළ ඇටයක් ගලවගෙන ආවලු. දෙවියොත් නිදි මතේ වගේ ඒ ඉළ ඇටෙන්ලු ඒවා මැව්වා කියන්නේ :))

    ReplyDelete

ඔබේ අදහස

Related Posts Plugin for WordPress, Blogger...