එක්තරා විද්‍යාඥයෙකුගේ පර්යේෂණාගාරයක සිටින ගිනිපිග්ස්ලා දෙන්නෙක් අතර මෙහෙම දෙබසක් ඇති වුණා. මෙම පුද්ගලයා සත්තුන්ගේ බුද්ධි මට්ටම් ගැන පර්යේෂණ කරන ලෝක ප්‍රසිද්ධ සත්ත්ව විද්‍යාඥයෙක්..
පළවෙනි ගිනිපිග් - දන්නවද? මම අන්තිමේදි කොහොමහරි හරි අර සයන්ටිස්ට්කාරයා පුරුදු කරලා ගත්තා!
දෙවැනි ගිනිපිග් - මොකක් ? ඒ කොහොමද?
පළමු ගිනිපිග් - මම අර මිනිහා හදපු වංකගිරිය වගේ එක අස්සෙ තියෙන බෙල් එක ගාවින් දුවලා ගියාම බෙල් එක වදිනවනේ? දැන් ඒ බෙල් එක වැදුන ගමන් මිනිහා මට කන්න දෙයක් දෙනවා ටක්ගාලා !!
ප. ලි. - මේ සරල කතන්දරය ඇතුලේ බොහොම සරල සත්‍යයක් හැංගිලා තියෙනවා කියලයි මට හිතෙන්නෙ. අපි කෙනෙක් ගැන හිතන් ඉන්න විදියට සමාන විදියටම ඒ කෙනත් අපි ගැන හිතනවා වෙන්න පුළුවන්. යම් පුද්ගලයෙක්ව අපි පහත් කරලා හිතද්දි ඒ පුද්ගලයාම වෙන විදියකට අපි ගැනත් පහත් විදියකට හිතනවා ඇති.

අනිව තමා..
ReplyDeleteනියම අදහස..
ප.ලි සමග සම්පූර්නයෙන් එකග වෙනව..!!
ස්තූතියි චතූ!
Deleteහරියටම හරි එහෙනම් ,විසිතුරුත් අපිව පුරුදු කරලා ගත්ත නේ ???
ReplyDeleteඒකනේ කියන්නෙ!
Deleteසහතික ඇත්ත...:))
ReplyDeleteඒත් මේක හුගක් අයට තේරෙන්නෙ නෑ නෙ.
අක්කාට තේරුණ එක ලොකු දෙයක්! නැද්ද? :D
Deleteහුඟාක් කාලෙකට පස්සෙ බ්ලොග් එකක් තියෙනව කියල මතක් වුනේ නේද ?
ReplyDeleteඉදිරිපත් කරපු අදහස නං අගෙයි, අපි අනිත් අයව මනිනව වුනාට අපිව මනින්නෙ කොහොමද කියල හිතන්නෙ වත් නෑනෙ
ඕව් ඔබා මාමේ. මේ දවස්වල ටිකක් කාර්ය බහුලයි.
Deleteසිරාවට....සිරාවට එක එක්කෙනා ලෝකය දකින විදිය වෙනස්ලුනේ
ReplyDeleteස්තූතියි ගැමියා!
Deleteකෙනෙක් හොද යැයි කියූ පමණින්
ReplyDeleteකෙනෙක් ලොව හොද වෙන්නෙ නෑ
එයා හොද නැහැ කියපු හන්දා
නරක කෙනෙකුත් වන්නෙ නැහැ
ඔබේ හොද කම නොහොද කම
ඔබ මිසක් කිසිවෙකු දන්නේ නැහැ
හිතට එකගව හොදට හිටියම
ජීවිතේ වරදින්නේ නැහැ
+++++++++++1
Deleteපෝස්ටුවට කියාපු පිළිතුර..
හැබැයි අපි අනිත් අය කියන හිතන දේවල් හිත හිත ඉන්න ගියොත් අපිටත් අර බූරුවා කරේ අරං ගිය තාත්තටයි පුතාටයි වෙච්ච දේ වෙයිද දන්නෑ..
බට්ටි - පැදි පෙළට ගැලැපූ අදහසට බොහොම ස්තූතියි!
Deleteරූ ... - එහෙම වෙන්නත් පුළුවන් ඕනවට වඩා හිතුවොත්@!
ඇත්තට විසිතුරු පෝස්ට් එකක් දාපු ගමන් ගිහින් කොමෙන්ට් එකක් දාලා එන්න අපිව පුරුදු කරලා තියෙන හැටි!!!!
ReplyDeletehenryblogwalker the Dude
අන්න හෙන්රි අයියාට තේරුණා!
Deleteසිරාවටම ඇත්ත....
ReplyDeleteස්තූතියි තරූ!
Deleteනියම බරපතල කතාවක්....!!!!
ReplyDeleteThanks Gold Fish!!
Deleteඑකනම් සහතික ඇත්ත
ReplyDeleteඅනිවාර්යෙන්ම !!
Deleteහම්මෝ මෙන්න මතක් ව්එලා බ්ලොග් එක... ලොකු දෙයක්...:D
ReplyDeleteපුරුදුවිදියටම නියම කතාවක් අරගෙන ඇවිල්ලා තියෙන්නෙ.. ඇත්තයි.. බරපතලයි.....
දන්නැද්ද ඉතින් මේ දවස්වල කාර්යබහුලතාවය අධිකයිනේ!
Deleteඔව් මේකාට බ්ලොග් එක අද තමයි මතක් වෙලා තියෙන්නේ...
ReplyDelete:D එහෙමත් අමතක වෙනවද?
Deleteකතාව දෙපාරක් කියවලා ගිනි පිග් කියන්නේ මොකාටද කියලා බැලුවට පස්සේ තමා කතාවෙන් කියපු තේ දේරුනේ. මගේ රැම් එක පිච්චිලා කියන්නේ නිකමට ඈ.
ReplyDeleteඅපොයි ඔය රැම් එක හදාගන්න ඉක්මනට !!!
Deleteහ්ම්ම්ම්... හිතන්න දෙයක් තියෙන කතාවක්!
ReplyDeleteහ්ම්ම්ම්ම් .............
Deleteකාලෙකින් ඇවිල්ලා තියෙන්නෙ..... ලින්ක් එකට ගිහිල්ලා පස්සෙ ආයෙත් කමෙන්ට් එකක් දාන්නයි හිතාගෙන ඉන්නෙ...
ReplyDeleteසහතික ඇත්ත... හිතන්න දේවල් තියෙනවා සෑහෙන්න..
ReplyDeleteස්තූතියි දිනේශ්
Deleteපුංචි කතාවක් ඇතුලේ තියෙන ලොකු කථාවක්....
ReplyDeleteසරලයි ඒත් අභ්‍යන්තරය සංකීර්ණයි!
Deleteඇත්ත ඇත්ත. දැනුයි තේරුනේ..... මම දන්න යාලුවෙක්ගෙ බල්ලෙක් හිටියා ඌ කන්ඩ එන්නෙ කුස්සියෙ දොරට ගහද්දි. ඌට බඩගිගි උනත් ඌ කරන්නෙ ඒකමයි. සුවර් එකට ඌත් එහොම්ම හිතනවා ඇති.........හේහ්............
ReplyDeleteඅනිවා බල්ලා එහෙම හිතන්න ඇති. හෙහ් හෙහ්!
Deleteමං මේ කල්පනා කරන්නෙ කී දෙනෙක් ඔය වගේ එක එක ඒවට අපිව පුරුදු කරලා තියෙනවද කියල....
ReplyDeleteඑක අතකින් බැලුවොත් සෑහෙන්න දේවල් අපි පුරුද්දට කරන ඒවා තමයි.
DeleteHuman Conditioning on a different viewpoint. Great story Visithuru.
ReplyDeleteThank you Sampath!
Deleteඅයියේ මම හෙළයේ ඉතිහාසය ලියන මල්ලී කොහොමද මගේ බ්ලොග් එක ලාංකීය සිතුවිලි සින්ඩියට ඇතුළු කරන්නේ
ReplyDeleteමල්ලි පිළිතුරු දෙන්න පමා වුණාට සමාවෙන්න. ඔයා සින්ඩියට බ්ලොග් එක ඇතුළත් කරගත්තා නේද?
Deleteහැමෝම හැමෝම මොන විදිහකට හරි හසුරුවනවා වගේ :)
ReplyDelete