එක් ප්‍රසිද්ධ සමාගමක අලෙවි නියෝජිතයක් දෙදෙනෙක් දුර පළාතක ආයතනයකට භාණ්ඩ වගයක් අලෙවි කරන්න ගියා. නමුත් මේ දෙන්නට හිතපු විදියට රෑ වෙන්න කලින් පිටත් වෙන්න බැරි වුණා. බැලින්නම් අන්තිම බස් එකත් ගිහින්. කරන්න දෙයක් නැති හින්දම දෙන්නම අර ආයතනයට ආපහු ගියා. එතන හිමිකාරිය වූ කාන්තාවත් ඒ වෙනකොට ගෙදර යන්න සූදානම් වෙමින් හිටියා. අතරමං වුණ අලෙවි නියෝජිතයන් දෙන්නට තමන්ගේ නිවසට එන්න කියලා ඇය ආරාධනා කළා. ගෙදරට ගියාම තමයි ඔවුන් දැනගත්තේ ඇය ඉතා ධනවත් වැන්දඹුවක් බව. ඉතාමත් හොඳින් ආගන්තුක සත්කාර කරපු ඇය අලෙවි නියෝජිත දෙදෙනාට නිදාගන්න සුවපහසු කාමර දෙකකුත් සූදානම් කරලා දුන්නා.පසුදින උදෑසනින්ම අවදි වුණ අලෙවි නියෝජිතයන් දෙදෙනා තමන්ට කරපු ආගන්තුක සත්කාර වෙනුවෙන් කාන්තාවට ස්තූති කරලා පිටත් වෙලා ගියා.
කාලය ගත වුණා. ඔවුන් දෙදෙනා අතරමං වුණ ඒ රාත්‍රියට හරියටම මාස 10කට පසුව එක් අලෙවි නියෝජිතයෙක් හට ලිපියක් ලබුණා. එය නීතිමය ලියැවිල්ලක්. එය කියවූ වහාම ඔහු සෑහෙන කලබලයට පත් වුණා. තමන්ගේ මිතුරා විශ්වාස කළ නොහැකි චරිතයකින් යුතු අයෙකු බව දැන සිටි බැවින් ඔහු වහාම ලියැවිල්ලත් අරගෙන මිතුරා හමුවට ගියා.
"මචන් උඹට මතකද අපි දැනට මාස 10කට කලින් අන්තිම බස් එක මිස් වෙලා අහවල් ආයතනයේ අයිතිකාරියගෙ ගෙදර නැවතුණා?"
"ඔව් බන් මට මතකයි. ඇයි? " සිය මිතුරා අතැති ලියැවිල්ල දෙස බලමින් දෙවැනි අලෙවි නියෝජිතයා පිළිතුරු දුන්නා. එය යම් නීතිමය ලියැවිල්ලක් බව වටහා ගන්න ඔහුට අපහසු වුණේ නෑ.
" නෑ. උඹ මම නිදි අතරේ අර ගෑනු කෙනාගෙ කාමරේට රිංගුවාද?"
"අහ් ඔව් මචන්.. ඒත් ඇයි" දෙවැනි නියෝජිතයා තරමක් බියට පත් වුණා. දස මාසයකට පසු නොසිතූ ප්‍රතිඵලයක් අත්වෙලාවත්ද?
"ඒකට කලින් මට මේක කියපන්. උඹ ඒ ගෑනු කෙනාට උඹෙ නම වෙනුවට කිව්වෙ මගෙ නම නේද? මට ඇත්තම කියපන්."
"ඔව් මචන්. මොකක් හරි අවුලක් වේවි කියලයි මම උඹෙ නම කීව්වෙ. අනික මම බැඳපු මිනිහා. උඹ තවමත් තනිකඩයා. ඒත් දැන් ඇයි ඕවා අහන්නෙ? මොකක්ද ඔය උඹ අතේ තියන් ඉන්නෙ?
"අහ් ඔව් ලොකු අවුලක්! පළමු අලෙවි නියෝජිතයා පිළිතුරු දුන්නා! "හැබැයි අවුල උඹට තමයි"!
"ඒ කිව්වෙ?" අනේ මචන් මාව බේර ගනින්! දෙවැන්නා බියෙන් ගැහෙමින් පැවසුවා!
"ඒ ගෑනු කෙනා මැරිලා! අවසන් කැමැත්තෙන් එයාගෙ සියලුම දේපළ මගෙ නමට පවරලා!!"

හහ් හහ් අර ඉස්සර අපි ට්‍රිප්ස් ගියාම ප්‍රින්සිපල්ගෙ ඇඩ්රස් එක ගෑල්ලමයින්ට දීලා එනවා වගෙ. තව කතාවක් මතක්වුනා විසිතුරු. දැන් තව ක්ලාස් එකකට යන්න තියෙනවා. පස්සෙ කියන්නම්.
ReplyDeletehenryblogwalker the Dude
නියමයි හෙන්රි අයියෙ. ඒ කතන්දරේත් ලියන්න.
Deleteබ්ලොග් පෝස්ට් එකක් හැටියටම ලිව්වනං....
Deleteකෙනෙක්ගේ නොලැබීම
Deleteතව කෙනෙක්ගේ ලැබීම
by
www.ceylonlanka.info
හරි, මෙන්න කතාව. ඔය අලෙවි නියෝජිතයො සෙට් එකක් ගියාලු සෙමිනා එකකට. සෙට් එකටම නවාතැන් දෙන්න හෝටලයක් බුක් කලාලු. හවස් අතේ පාටියක් හෙම දාලා එන්ජෝයි කරලා නිදා ගත්තලු. මෙන්න එක අලෙවි නියෝජිතයෙක් හාට් අටෑක් එකකින් මැරිලා.
Deleteහෝටලෙන්ම අන්ඩටේකර්ට කියලා රූම් සික්ස්ටීන් වල තියෙන බොඩි එක අරන් ගිහින් අවශ්‍ය දෙවල් කරන්න කියලා. පැය ගානකට පස්සෙ අන්ඩටේකර් හෝටලේට කතාකරලා කිව්වලු අන්න වැඩේ හරි රූම් නම්බර් සික්ස්ටි වල තිබ්බ බොඩි එක අරන් ගිහින් එම්බාම් කලා කියලා. මැනේජර් කලබලා වෙලා ඇහුවලු,
"රූම් නම්බර් සික්ස්ටි? සික්ස්ටි නෙවෙයි ඕයි සික්ස්ටීන්. සික්ස්ටි වල ඉන්න ගෙස්ට් මැරිලා නෑ."
"ඇත්තද? මල හතිලව්වයි. අපි පොරව එම්බාම් කරන්න හදනකොට පොර කිව්ව තමයි පොර මැරිලා නැහැ කියලා. බලෙන්ම තමයි එම්බාම් කලේ මොකද ඔය අලෙවි නොයෝජිතයො කියන එවුන් කට ඇරියොත් කියන්නෙ බොරුවක්නෙ."
henryblogwalker the Dude
විනාසයි :))
Deleteහෙක් සිරා කතාව.
Deleteඅපේ රෙප්මහත්තය හෙම මේ පැත්තෙ ඇවිල්ල නැද්ද ?
Deleteහය්යෝ සල්ලි.. :) එල කතාව සහෝ..
ReplyDeleteහික් හික් නියම කතාවක්
ReplyDeleteමරු කතාව,නියමයි.
ReplyDeleteඕක තමයි කියන්නෙ අතට ගත්තට කටට දාගන්න පින නෑ කියල :)
ReplyDeleteඑළ චාන්ස් එකනේ...
ReplyDeleteපිස්සු හැදෙයි..පට්ට කතාව
ReplyDeleteලංකාවේ නැද්ද දන්නේ නෑ ඔය වගේ අය....
ReplyDeleteපට්ට කතාව.. ඕකනේ බුදු සාධූ දේශනා කොරලා තියෙන්නේ.. විහිළුවකටවත් බොරු කියන්න එපා කියලා...
ReplyDeleteහම්මටසිරි!!! මරුනෙ.. හික්ස්ස්..... :D බොරු කියලා අන්තිමට වාසනාව මිස් වුනා..:D
ReplyDelete:)
ReplyDeleteශික් අපේ රෙපාට වැදුන්නෑනෙ ඔහොම චාන්ස් එකක්
ReplyDeletehak hak hak maara wade :D
ReplyDeleteමම හිතුවේ වෙන සීන් එකක ප්‍රතිඵල ඇවිත් කියලා.. මේක ඉතින් ඔච්චර බය වෙන්න දෙයක්ද?
ReplyDeleteහික්ස්.සිරාවටම මාස 10ක් ගැන කියද්දි මමත් හිතුවෙ කොල්ලට බෝලේ පාස් වෙලා කියලා :P
ReplyDeleteහෆොයි දෙන දෙවියො හොම්බට ඇන ඇන දෙනවලු........
ReplyDelete:D ආදර්ශය: හැම වෙලේම විශ්වාස කළ නොහැකි යාළුවන්වම ආස්සරය කරන්න.
ReplyDeleteආඩේ මාර වාසනාවක් නේ !!!
ReplyDeleteදෙන දෙයියෝ ටොකු ඇණ ඇණ දෙනවා කියන්නේ මේවාට තමයි :))
ReplyDeleteපේනව නේද බොරුකාරයෝ ඇසුරු කිරීමේ යහපත..
ReplyDeleteඕක තමයි කියන්න චාන්ස් වදිනකොට කීය කීය වදින්නේ නෑ කියලා :P
ReplyDeleteඔන්න යාළුවෝ! හැබැයි වැඩ වැරදුන දවසට තමයි කෙළවෙන්නේ!
ReplyDeleteසිරා නේ.ඔකේ වෙන ප්‍රශ්නයක් වුනානම් වලහගේ කතාව වගේ තමා.
ReplyDeleteඒ ගෑනිට මාස දහයක් යනකම් මූව මතක නැතිවෙච්ච එකනෙ වැඩෙ
ReplyDeleteඅන්න නියම කල්යාන මිත්‍රයෝ !
ReplyDeleteමදෑ කොලා..
ReplyDeleteවිසිතුරු අයියා කිව්වොත් එතන මුදලාලී කෙනෙක් කොහෙ හරි ගැවිලා ඉන්නවා
ReplyDeleteමාර චෑන්ස් එක නේද......?
ReplyDeleteම්ම්.. වෙනි අයියාගෙ බ්ලොගේ පැත්තෙ ගිහින් එන ගමන්.. දුකට හිනා වෙන්නවත් බෑ..
ReplyDeleteමොනවා උනත් හොද වැඩක් තමන්ට තමන් විදිහට පෙනී ඉන්න බැරි කමට..
හිහ් හිහ් පව් අෆ්ෆා...අර රිංගාපු එකා
ReplyDeleteWow that was strange. I just wrote an very long comment but after
ReplyDeleteI clicked submit my comment didn't show up. Grrrr... well I'm not writing all that over again.
Regardless, just wanted to say great blog!
Feel free to surf my web-site :: how to make an app