2012-04-26

රාවනා රජතුමනි ඔබතුමා ආපසු එනවාද?


රාමායනෙන් ඔබේ චරිතය වාල්මිකී  පතුරු ගැහුවා අපි දන්නවා. වාල්මිකී අපේ හතුරෙක්. දේශපාලන සතුරු චරිත ඝාතනය ගැන හමුවෙන පරණම උදාහරණය තමයි ඒ. ලොවම ගරු කළ රාවනා නාමය විනාශ කරන්න එදා ඉන්දියානුවන් තමන්ගේ ආගමටත් රාමායන පුවත ඈඳාගත්තා.අදටත් එය සැමරීම ඔවුන්ගේ සිරිතයි. 


ඒවායින් කමක් නෑ. නමුත් අපේ උදවිය දැන් කොරන වැඩ දැක්කාම ඔබතුමාට ආපහු එන්න හිතෙනවාද? ඔවුන් කියනවා රාමාගේ හීපහරින් මුසපත් වුණ රාවනා රජුගේ දේහය ගල් ගුහාවක තැන්පත් කර තිබෙනවාලු. මහා යාතිකර්ම ගණනක් කරාට පස්සේ පණ එනවාලු. තවත් තැනක සඳහන් වෙලා තිබුනා විශ්වයේ තිබෙන රාවනා ශක්තිය හෙළයේ සතුරන්ට විරුද්ධව ක්‍රියා කරනවාලු. රාමායණයෙන් විතරක් නෙවෙයි සිංහලයන් පවා ඔබතුමා ගැන මිත්‍යාව වපුරනවා. රාවන ශ්‍රී නාමය අද වනවිට ඉතා වටිනා වෙළඳ නාමයක් වෙලා! ඔබතුමාගේ නමින් හෙළ අංගම් පොර කලාවත් විකුණන්න දැන් ඇතැමුන් හරි දක්ෂයි.




ඇයි අපිට හිතන්න බැරි ඔබතුමා සටන නැවැත්තුවේ ඒ මහා මනුෂ්‍ය ඝාතනය දරා ගන්න බැරුව කියලා? වෛද්‍යවරයෙක් වෙච්ච ඔබතුමා මිනිසුන් මැරීම පිළිකුල් කළ බව. සුරා පානය කරන්නන් හෙවත් සුරයන් සියල්ලම එකතුවෙලා අසුරයන් වෙච්ච හෙළයන්ට විරුද්ධව සන්ධාන ගත වෙච්ච මොහොතක තමන්ගේ සොහොයුරු විභීෂණත් සහය දෙනවා නම් තව දුරටත් සටනේ යෙදීමෙන් සිදුවන්නේ හෙළ පරපුරේ වටිනා මිනිස් ජීවිත විනාශය පමණක් බව වටහා ගත්ත ඔබතුමා  සටන අත්හළ බව.? විභීෂණගේ ඉලක්කය හෙළය නැසීම නොව තමන් හා වන පෞද්ගලික වෛරය පිරිමසා ගැනීම පමණක් බව තේරුම් ගෙන රජකම අතහළ  ඔබතුමාගේ සද්කාර්යයන් ඉදිරියටම ගෙන ගිය වග? රාවනා රජු යනු හෙළ යුගයේ අවසානය නොව එකළ හෙළයන් විනාශවීම වළකා එයින් වසර දහස් ගණනකට පසු යක්, නා, රකුස්  ජනතාව එක් වී නව සිංහල ජාතිය තනන්නට මඟ පාදා දුන් විරුවෙක් බව?


මිත්‍යාවට එරෙහිව තවත් මිත්‍යාව පැතිරවීමෙන් යහපතක් වේවිද?



විමසුමට විවෘතයි!

ප.ලි - අන්තර්ජාලයේ පළවූ රාවන යුගය ගැන ලිපි වැඩිදුර කියවීමට හෙළ යුගය වෙත පිවිසෙන්න.

63 comments:

  1. මේ වෙනකොට මචන් රාවණා කියන නම උඹ කිව්ව වගේම වෙළඳ නාමයක්... ඉතිං ‍ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ..

    ReplyDelete
    Replies
    1. බලමු තත්වය වෙනස් වේවිද කියලා

      Delete
  2. ඔව් ඉතින් අයියේ ... කාලයට අනුව මිනිස්සු වෙනස් කරන එවනේ... ඔක්කොම මුදල් තමයි

    ReplyDelete
    Replies
    1. දෙයියන්ගේ මල්ලි සල්ලිනේ මල්ලි !!

      Delete
  3. මහා රාවනව හරි විකුණලා ජීවත් වෙන්නනෙ අදකාලෙ මිනිස්සුන්ට ඕනෙ.

    ReplyDelete
    Replies
    1. මිත්‍යාව වපුරන්නෙ නැතුව මාර්කට් කළත් කමක් නෑ!

      Delete
  4. මම හිතන්නේ මෙහෙම
    http://ape-ambalama.blogspot.com/2011/09/blog-post_08.html

    ReplyDelete
    Replies
    1. කියෙව්වෙමි. ඒ අදහසත් නියමයි රෙපා!

      Delete
  5. කතාවට එකඟයි 100% කට එහා අගයකින්.......
    http://dhumee.blogspot.com/2012/01/blog-post_23.html

    http://kawilanda.blogspot.com/2012/03/blog-post_2336.html

    කියවල නැත්තම් මේ පෝස්ට් 2ත් කියවල බලන්න්..... විහිලුවට ලිව්වට මේව ඇත්ත වෙන්න බැරිද?????

    ReplyDelete
    Replies
    1. මතයක් තියෙනවා සීතා කියන්නෙ ඇත්තටම රාවනා රජුගේ දුව කියලා. ඇය උපන් දිනයේ උපන් වේලාව බැලූ පුරෝහිතයන්ගේ උපදෙස වුණේ ඇය නිසා දිනක ලංකා පුරය විනාශ වන බවත් එනිසා වහාම ඇය මරා දමන ලෙසත්ය. නමුත් සිය සිඟිති දියණිය මරා දැමීමට අකමැති වූ රාවනා රජු ඇයව රහසේම ඉන්දියාවට යැව්වාලු

      Delete
  6. අනේ මන්දා බං... :කට ඇරන්

    ReplyDelete
  7. මිනිස්සුන්ට කරන්න දෙයක් නැති වෙලාවට කතන්දර හදනව කතන්දර මවනවා.....

    ReplyDelete
    Replies
    1. මවන කතන්දර නිසා අයහපතක් වෙනවා නම් අන්න එතනයි ගැටලුව!

      Delete
  8. හොඳ ලිපියක් විසිතුරු.

    මේකට අදාල නම් නෑ. ඒත් ළඟදි කියවපු පොතක් මතක් වුණා. වෛද්‍ය සුසිත රුවන් ලියපු "රාවණා මෙහෙයුම". හොඳ ප්‍රබන්ධයක්. (ලේඛකයාට ඩෑන් බ්‍රවුන්ගේ අභාෂයත් බොහෝ ලෙසින්ම ලැබිලා තියනවා කියලාත් පේනවා.) ඒත් රාවණා ට අලුත් අර්ථකථනයක් එක්කම, අපේ නොමුහුන් සිංහල ඉතිහාසයට අලුත් මුහුනුවරකුත් දීලා තියනවා ඒ පොතේ

    ReplyDelete
    Replies
    1. සිඳූ - ඔබ කියන පොත නම් කියවන්න තවම අවස්ථාව උදා වුණේ නෑ. හොයාගන්න ඕනා!

      පරිකල්පන - ස්තූතියි

      Delete
  9. අනේ මන්දා බන්..කොහොම උනත් හැම දේම ඉතින් වාණිජකරණය වෙලා..රාවණා කොහොම ඒකෙන් බේරෙන්න ද..

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. කිසිදෙයක් බේරිලා නෑ

      Delete
  10. මමත් ඔය ගැන මුල්ම කාලේ ලිපි දෙකක් ලිව්වා.

    අර කිව්වත් වගේ රාමායණ කතාව වාල්මිකියා ප්‍රතිනිර්මාණය කරලා. ඒකත් ඉන්දියාවේ උන්ට වාසි වෙන විදිහට !!!

    ReplyDelete
    Replies
    1. ඔය තියෙන්නෙ ඇත්ත කතාව. කාලෙකට පස්සෙ මධුරංග සහෝදරයාව සාදරයෙන් පිළිගනිමු

      Delete
  11. රාවණා ආයෙත් නැගිටින එක අපේක්ෂා භංගත්වයෙන් ඉන්න අපේ මිනිස්සුන්ට අළුත් බලාපොරොත්තුවක් ! වීරයෙක් නැති මේ කාලේ වීර චරිතයක් විදියට රාවණා මාකට් වෙනවා !!!

    ReplyDelete
    Replies
    1. බලාපොරොත්තුව විදියට මිත්‍යාව වපුරන එකයි ගැටලුව. කිසි වැඩකට නැති ක්‍රියාවක්. අනාගත පරපුරට මිත්‍යා මත බෙදා දීලා වැඩක් නෑනේ!

      Delete
  12. MACHAN LA DANNAWADA RAVANA RAJJURUWANGE DUNNA KEDUWE KAWDA KIYALA?

    ReplyDelete
    Replies
    1. අනේ ඇනෝ මාව නම් ගාවගන්න එපා ඕවට. මම එතන හිටියෙත් නෑ!!

      henryblogwalker the Dude

      Delete
    2. Ano & Dudue - සිරාවටම මමත් දන්නෙ නෑ

      Delete
  13. මමත් ගොඩාක් ආසාවෙන් ඉන්නේ රාවනා ගැන ඉගන ගන්න.එත ගොඩාක් පොත් තියෙන්නේ ඇත්ත කරුණු විකුර්ති කරලා.

    ReplyDelete
    Replies
    1. මේ පොත් කියවලා බලන්න.

      ශ්‍රී රාවන්නා පුවත - භද්‍රජී මහින්ද ජයතිලක
      රාවණ , විජය මිත්‍යාවන්ද - මහාචාර්ය විජය දිසානායක
      ලංකා ඉතිහාසයේ විජයාගමනයට පෙර යුගය - ආචාර්ය සූරිය ගුණසේකර
      සක්විති රාවන - අරිසෙන් අහුබුදු

      Delete
  14. wadagath lipiyak.... badraji mahinda kiyana kena liyapu pothak thiyanawa SRI RAWANNA PUWATHA kiyala.... A potha kiyawaddi ange le unu wena tharam hondata liyala thiyanwa.... A wagema goda kalekata kalin liyaunu a pothe godak dewal ada wenakota aththa kiyala hoyagena thiyanawa..... lipiya nan super........

    ReplyDelete
    Replies
    1. මම කියවලා තියෙනවා මචන්. ස්තූතියි !!!

      Delete
  15. දු‍ටු ගැමුණු රජතුමාවත් මාකට් කරපු දෙශපාලකයන්ට රාවණා රජතුමත් මහ කජ්ජක්ද? රාවණා කතාවෙන් කියවෙන්නෙ එතුමාගෙ ශේෂ්ඨ බව මිස වෙන මොනවද?(සීතා අග්නි ජාලාවකට පැන පති වෲත තාවය පෙන්විම)

    ReplyDelete
  16. රාවණා රජ්ජුරුවන්ගෙ ඇත්ත දැන ගන්න පුලුවන් නම් කොච්චර හොදද.....

    ReplyDelete
    Replies
    1. නිසූපා අක්කේ, මේ පොත් කියවලා බලන්න.

      ශ්‍රී රාවන්නා පුවත - භද්‍රජී මහින්ද ජයතිලක
      රාවණ , විජය මිත්‍යාවන්ද - මහාචාර්ය විජය දිසානායක
      ලංකා ඉතිහාසයේ විජයාගමනයට පෙර යුගය - ආචාර්ය සූරිය ගුණසේකර
      සක්විති රාවන - අරිසෙන් අහුබුදු

      Delete
    2. ස්තූතියි මල්ලි. හොයලා බලමු...

      Delete
  17. මේ අද සිද්ධ වෙන දේත් වෙනස් විදියට සිද්ධ වුණා කියල අර්ථ කථනය කරන, නිරූපණය කරන මිනිස්සු ඉන්න රටක නොදන්නා අතීතෙක හිටිය රාවණා කෙනෙක් ගැන මොනව කරන්න බැරිද? කොහොම වුණත් රාමායණය නොතිබෙන්න රාවණා කෙනෙක් ගැන අපේ උදවිය කතා නොකරන්නත් ඉඩ තිබුණ.
    කොහොමත් මේ කාලෙ අතීත චරිත වලට පණ පොවල වර්තමාන චරිත පිම්බීමට හොඳ මාර්කට් එකක් තියෙනව. ඒ වගේම අඳබාල මිනිසුන්ගෙ කතිරෙ හොරා කන්නත් පණ පෙවීම ඉතාම වැදගත්.

    ReplyDelete
    Replies
    1. එදත් අදත් දේශපාලනය එකමයි !!!

      Delete
  18. සීතාගේ පතිවත ආරක්ශා උනේ රාවණා මහත්මා ගුණැත්තෙක් වූ නිසාය. රාම සීතාව බේරාගෙන් ඉන්දියාවට ගෙන ගිය පසු ඈ ඇගේ නෑනා සමග රාවණගේ ආකර්ශණීය සිරුර සහ ඔහුගේ ගුණ වර්ණනාකල බවද එය දැනගත් පසු රාම සීතා හා උරණ වූ බවද පැවසේ.

    ReplyDelete
    Replies
    1. රතු තරුව, මෙහෙමත් මතයක් තියෙනවා සීතා කියන්නෙ ඇත්තටම රාවනා රජුගේ දුව කියලා. ඇය උපන් දිනයේ උපන් වේලාව බැලූ පුරෝහිතයන්ගේ උපදෙස වුණේ ඇය නිසා දිනක ලංකා පුරය විනාශ වන බවත් එනිසා වහාම ඇය මරා දමන ලෙසත්ය. නමුත් සිය සිඟිති දියණිය මරා දැමීමට අකමැති වූ රාවනා රජු ඇයව රහසේම ඉන්දියාවට යැව්වාලු

      Delete
  19. රාවණා රජතුමා කියන සැබෑ පුද්ගල චරිතය යට ගිහින් මිථ්‍යා මත ගොඩකින් ඒක වැහිලා ඉවරයි. හැමෝම කියන්නේ තමන් කියන කතාව හරි කියලා. කොටින්ම සමහරු හිතන් ඉන්නේ රාවණා ගැන රාවණාටත් වඩා තමන් දන්නවා කියලා.

    රාවණා රජතුමාගේ දේහය තැන්පත් කරලා ඒක අනාගතයේදි පණ ඇවිත් සිංහලයන් වෙනුවෙන් පෙනී සිටිනවා කියන කතාව මානසික උත්තේජනයක් ඇති වෙන්න හදපු කතාවක් වෙන්න ඕනේ කියලා මට නම් හිතෙන්නේ.

    එංගලන්තයේ සිටියායැයි සැලකෙන ආතර් රජතුමා සහ එතුමාගේ නයිට්වරු පිරිසත් ඒ විදිහටම අනාගතයේ එනවා. එතෙක් ගල් ගුහාවක ඉන්නවා කියන කතාවෙන් මේ රාවණා කතාව ආභාෂයක් ගත්තා වගේ

    අනික මේ ඔක්කොම තියෙන "වරිග පූරිණකාව" කියන පුස්කොල පොතේ කිව්වත් ඒක කියවපු මනුස්සයෙක් හොයා ගන්නත් නැහැ. ඒ පුස්කොළ පොතේ පිටපත් කොහේද තියෙන්නේ කියලා දන්න මනුස්සයෙක් ඉන්නවාද කියලත් සැක සහිතයි

    ReplyDelete
    Replies
    1. ඔය අදාළ ලිපියේ තියෙන අදාළ යාතුකර්ම කිසිදිනක කරන්න බැරි ඒවා. එයා ගොතන බොරුව ඒ නිසාම ආරක්ෂා වෙනවා!

      Delete
  20. රාවණා එළියට ආවේ වාල්මිකී හරහා... පස්සේ අපේ අය ඒක අපිට හරියන විදියට සංස්කරණය කලා. අහුබුදු මුලින් කලා..පස්සේ භද්‍රජී කලා..ඔය තුන් දෙනාගෙන් කලින් හාදයා දන්න තරමවත් පස්සේ පොත් ලිව්ව අපේ දෙන්නා දන්නවද කියලා තමයි සැක. මං දන්න හුග දෙනෙක්නං භද්‍රජීගේ ශ්‍රී රාවණ්ණා පුවත කරේ තියං ඇවිදිනවා..ඒත් ඒකත් අර වාල්මිකීගේ හරුපෙට වඩා ඇත්තක් තියෙන එකක් නෙවෙයි... පිස්සු නැත්තං හොඳයි වාද කර කර ඉන්න...

    ReplyDelete
    Replies
    1. නැහැ මාරයා, රාවනා ගැන මෑතකාලීනව මුලින්ම කතා කළේ මුනිදාස කුමාරතුංග මහත්මයා. සක්විති රාවන වේදිකා නාට්‍යයෙන් තමයි අරිසෙන් අහුබුදු මහතා වඩාත් මේ ගැන ප්‍රසිද්ධියට පත් වුණේ.

      ඒ වගේ රාවන පුවත ගැන ජන කතා වගේම ස්ථාන නාමත් ලංකාවේ බොහොමයක් ප්‍රදේශ වල විසිරී තිබෙනවා.

      විජය කියන මංකොල්ලකාරයාගෙන් අපි පැවත් එනවාය කියන එකයි අමූලික බොරුව.

      මේ පොත් කියවලා බලන්න.

      රාවණ , විජය මිත්‍යාවන්ද - මහාචාර්ය විජය දිසානායක
      ලංකා ඉතිහාසයේ විජයාගමනයට පෙර යුගය - ආචාර්ය සූරිය ගුණසේකර
      සක්විති රාවන - අරිසෙන් අහුබුදු

      Delete
  21. රාවණා ඉතිහාසය ගැන අමුතූම කතාවක් ගියා 80 ගනන් වල ලංකාදිප පත්තරෙ. එක පස්සෙ කාලෙක පොතක් හැටියට පිටවුනා නම “කොග්ගල නිලමෙි

    ReplyDelete
    Replies
    1. Thanks Indika. I didn't knew about that.

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. http://www.scribd.com/doc/55355111/Koggala-Nilame-%E0%B6%9A%E0%B7%9C%E0%B6%9C%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD-%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B8%E0%B7%9A කොග්ගල නිළමේ එකෙන් කොටසක්

      Delete
  22. හම්ම්... ඔව්. ගොඩක් පොත්වල තියෙන්නේ රාවණ රජතුමා දුෂ්ථයා කරලා රාම කුමාරයා වීරයා කරලා.

    ඒත් මේ දවස්වල සති අන්ත පත්තරේක යනවා නියම ලිපි පෙළක් රාවණ රජු ගැන. රාවණ රජු ගැන දැන ගන්න නම් මාත් හරිම ආසයි. කොහොමට තියෙන්න ඇද්ද ඒ කාලේ..

    මං මේ ආවමයි මේ පැත්තට.
    :)

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිළිගන්නවා නෙත්පානී !!

      Delete
  23. රාවණා ඉතිහාසය හරිම පුදුමයි.. අපැහැදිළි තැනුත් එහෙමයි.. මාත් ලගදිම අහපු පුවත තමයි රාවණා රජ්ජුරුවන්ගේ ශරීරය තියෙන ගල් ගුහාව ලංකාවෙන් හමුඋනාය කියන එක.. ඇත්ත නැත්ත නම් දන්නේ නෑ ඉතින්...

    ReplyDelete
    Replies
    1. රාවන ඉතිහාසය මිත්‍යා මත වලින් වැසී තිබීම තමයි ගැටලුව දිනේශ්. ඔහු අද්භූත චරිතයක් කරන්නට අදත් සිංහලයන්ම උත්සාහ කිරීමයි කණගා‍ටුවට කාරණය.

      Delete
  24. රාවණා ගැන වෙළඳාමට මේ කරුණුත් යොදා නොගනීවී කියලා හිතන්න පුළුවන්ද...

    ReplyDelete
    Replies
    1. මොනවා කරන්නද! යහපත් අරමුණක් නම් කමක් නෑ නොවැ

      Delete
  25. වැදගත් ලිපියක්.. මමත් ඔය සති අන්ත පත්තරේ යන කතාව නම් කියවලා තියෙනවා. ඌවයෙ ඇත්ත නැත්ත නම් විශ්වාස කරන්න අමාරුයි. ඒත් අර වාල්මිකී කියල තියෙන්නෙ පට්ටම පල් බොරුවක් කියල නම් තෙරෙනවා.

    දිගටම මේ වගේ වැදගත් ලිපි ලියන්න.. ඔන්න මමත් පස්සෙන් එනවා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි තාරා! සාදරයෙන් පිළිගනිමි.

      Delete
  26. මගේ හිතවත් පාටක සෑම වෙත ''රාවනා මෙහෙයුම'' දෙවන මුද්ද්‍රනය ලබන සතියේ සිට සරසවි පොත්හල් මගින් ලබගත හෑක.- susitha ruwan

    ReplyDelete
  27. හෙළදිව සැඟව ගිය අතීතය යළි පිබිදෙනු දැක්මේ ඒකායන පැතුමෙන්, වර්ථමාන හෙළයන් සඳහා.. කොග්ගල නිලමේ පළමු හා දෙවෙනි කොටස මෙසේ අන්තර්ජාලයට එක් කල වගයි.

    http://www.scribd.com/koggala_nilame

    මේ පොත් ද්විත්වය කියවා ලබන දැනුමෙන් ඔබ රැස් කරගන්නා පින්, ඉපැරණි හෙළ වංශ කථාවේ අප නොදුටු පැත්ත හෙළි පෙහෙළි කර දුන් මෙම පොත් වල කර්තෘ හේ. මාකස් ප්‍රනාන්දු මහතාටත්, හීන් බණ්ඩාර මහතාටත් රාවණ යුගයේ සිටි හෙළ විරුවන්ටත්, ඔවුනට මාධ්‍ය වූ ඒ. එෆ්. කොකාවල මහතාටත් අනුමෝදන් වේවා.

    ReplyDelete
    Replies
    1. I really appreciate this. Thanks Budal! This will be very useful.

      Delete
  28. කෝ අලුතෙන් මොකුත් ලියන්නේ නැද්ද ?

    ReplyDelete
  29. උඹට දන ගහලා වදිනවා...මේ වගේ හැමදේම විකුනන් කන කාලෙක,හැමෝම ඒක දෙකයි පනහේ ස්වයං වින්දනයකට ගත්ත කාලෙක කටක් ඇරලා කතා කිරිම ගැන....ජය හා සතුට

    ReplyDelete
  30. මේකෙන් කියන්ඩ හදන්නෙ රාවණ මිත්‍යාවක් කියලා නම්, මම ඒකට කොහෙත්ම එකඟ වෙන්නෙ නෑ, අපේ ඉතිහාසෙ වළදාල තියෙන කොටසක් තියෙනවා කියන්න හුඟක් සාක්ෂි තියෙනවා .රන්දිව පත්තරේ බේගල් පදනම් කරගෙන මෙහෙම කියන එක වැරදියි

    ReplyDelete
  31. Me pothe kotas 3k thiyenawalu. Koggala Nilame Part 3 hoya ganna puluwan weida???

    ReplyDelete

ඔබේ අදහස

Related Posts Plugin for WordPress, Blogger...