2012-09-20

ස්මරණ ශක්තිය


එක්තරා නීතීඥයෙකු හෘදයාබාධයකින් සිදු වූ සිය අකල් මරණයෙන් පසුව දිව්‍ය ලෝකයේ ද්වාරය අසල  පහළ විය. නීතීඥයන් සුරලොවට පැමිණීම අරුමයක්ම වූ බැවින් සක්දෙව් රජු වහාම ඔහු හමුවට පැමිණියේය.  

" ඔබ වැනි අයෙක්  අප සුරලොවට පැමිණීම ඉතාමත් අමුතු සිදුවීමක්. ඉන්න මම ඔබේ ඉතිහාසය පරීක්ෂා කරනතුරු." යි පැවසූ සක්දෙව් රජු නීතීඥ තෙමේ මිනිස් ලොව සිටියදී කරන ලද යහපත් ක්‍රියා  පිළිබඳ වාර්තාවක් ගෙන ඔහු හමුවේ කියවන්නට විය.

"ඔබ ජීවිතයේ අවස්ථා 2කදී යහපත් ක්‍රියාවන් කරලා තිබෙනවා. එක්වරක් සපත්තු මහන අයෙක්ට අමතර රුපියල් පහක් දීලා තීයෙනවා. ඒ වගේම හිඟා කමින් පසු වූ අයෙකුට රුපියල් 2ක් දීලා තියෙනවා"

මදහසක් මුවට නගා ගත් නීතීඥ තැන "ඔව් ස්වාමීනී, මම විශ්වාස කරනවා මම සුරලොවට පැමිණීමට ඒ කරන ලද පුණ්‍ය මහිමය හේතු සාධක වූ බවට." යැයි පැවසුවේය.

"හ්ම්ම්... ඔහොම ඉන්න ඔබේ පාපකාරී ක්‍රියාවන් ගැන වාර්තාවන් ඉදිරිපත් කරන තුරු" සක්දෙවියෝ  කල්පනාකාරීව පැවසූහ.

"1. ඔබ වැරදිකරුවන් යැයි නිසැකවම දන්නා මිනීමරුවන් ‍රැසක් ඔවුන්ගෙන ලැබුණු අධික මුදල් සම්භාරයට තෘෂ්ණාවෙන් නිදහස් කරදී තිබෙනවා.
2 ඔබ ඔබේ සේවාදායකයන්ගෙන් ඉතාමත් අධික මුදලක් අයකරගෙන තිබෙනවා.
3. බලවත් දේශපාලකයන්ගෙන් අහිංසක සාමාන්‍ය ජනයාට සිදුවූ අසාධාරණකම් වලදී නීතීයේ පිහිට එම බලවතුන්ට ලබා දී ඔවුන් බේරාගෙන තිබෙනවා.
4. ඔබගෙන් නීති උපදෙස් පතා ආ කාන්තාවන් ‍රැසැක්ම බියගන්වා ඔවුන්ගෙන් අයුතු ප්‍රයෝජන ලබාගෙන තිබෙනවා. "

" මේ චෝදනා ගැන ඔබට මොකද්ද කියන්න තිබෙන්නේ"?

සිය සුපුරුදු මදහසම මුවට නංවාගත් නීතීඥ තෙමේ මෙලෙස පවසන්නට විය.

" ස්වාමීනී, මා එම චෝදනාවට විරුද්ධත්වය ප්‍රකාශ කරනවා. මම ඉතාමත් වගකීමෙන් කියනවා ඔය කියන කිසිම දෙයක් මට මතක නැතිවග. ඔබට උවමනා නම් මට දින 2ක කාලයක් සහ ඔය කියන අගතියට පත් වූ පාර්ශයන් ගැන තොරතුරු ලබා දෙන්න. මා ඔවුන්ගෙන් දිවුරුම් ප්‍රකාශ ලබාගෙන ඔබට ඔප්පු කරන්නම් මා ඔය කියන කිසි දෙයක් නොකළ වගට"

තමා පසෙකින් සිටි මාතලී දිව්‍යපුත්‍රයා දෙසට හැරුණු සක් දෙවියෝ නිවුණු ස්වරයෙන් ඔහුට මෙසේ පැවසූහ.

" මා ප්‍රිය මාතලී,  මෙන්න මේ තැනැත්තාට අර කරපු යහපත් ක්‍රියාවන්ට හරියන්න රුපියක් දහයක්ම දීලා  වහාම අපායට ගිහින් දාන්න."

ප. ලි. -  කෙලින්ම අදාළ නොවුණත් බලය ඇති තැන් වල සිටින ඇතැම් පුද්ගලයන්ගේ අතීත ක්‍රියා සහ වර්තමානය මෙන්ම අනාගතය ගැන කල්පනා කරද්දි The Dark Knight චිත්‍රපටයේ එන එක් කියමනක් මතකයට ආවා.

‍"You either die a hero or you live long enough to see yourself become the villain."



34 comments:

  1. කලකට පස්සේ. බොහොම අදාලයි.. එයාට පස්සෙන් නඩුකාරයොත් ගියාද මන්දා.

    ReplyDelete
    Replies
    1. නඩුකාරයෝ විතරක් නෙවෙයි සරත් අයියේ සමහර මාධ්‍යකාරයොත් යවන්න වේවි.

      Delete
  2. Replies
    1. ඔව් සන්ජය සෑහෙන කාලෙකින් :)

      Delete
  3. ඇත්තටම ඔය දිවුරුම් ප්‍රකාශ කියන ඒවායින් හරියට වැඩක් ගත්තේ වගේම ගන්නේ ලංකාවේ ඉන්න අය තමා :D

    ReplyDelete
    Replies
    1. ඇයි හසිත පෙත්සම්! :D

      Delete
  4. ලංකාවේ අපරාධකරුවන්ගෙන් දඩුවම් ලබන්නේ 4%. කොහොමද අපේ ලොයර්ස්ලගේ හැකියාව.

    ReplyDelete
    Replies
    1. ඔව්. ඒ 4% අතරත් තෝරු මෝරු නෑනේ!

      Delete
  5. Replies
    1. ස්තූතියි වෙනී අයියේ

      Delete
  6. කාලෙකට පස්සේ ඇවිත්....
    දැන් ගොඩක් අය මට මතක නෑ කියන උදාන වාක්කිය පාවිච්චි කරන පාටයි !

    ReplyDelete
    Replies
    1. බලන් ඉන්නකෝ අයියා හොදම "මට මතක නෑ" නාටකය තව ඉස්සරහට ඒවි.

      Delete
  7. අදනම් සුද්දෙක් ලියපු මනෝවිකාරයක් පරිවර්ථනය කරලා දාලා තියෙන්නෙ..... හිතන්නත් අමාරුයි ඇත්ත ලෝකේ මේ වගේ මිනිස්සු ඉන්නවා කියලා. :)

    ReplyDelete
    Replies
    1. පරිවර්තනයක් නෙවෙයි බුද්ධි මේක අනුවර්තනයක්! :D
      අපේ රටේ මෙහෙම මිනිස්සු නම් ඇත්තේම නෑලු.

      Delete
  8. eya hithanna athi divyaloke lankawa wage kiyala

    ReplyDelete
    Replies
    1. බල පාවිච්චි කරලා වැරදි වලින් බේරෙන්න හැම තැනම බැහැ නොවැ

      Delete
  9. Replies
    1. ඔව් අක්කේ සෑහෙන කාලෙකින් මේ පැත්තේ එන්න හිතුනා.

      Delete
  10. මම ඔය පෝස්ට් එක කියවන්න පටන්ගත්තා මතකයි. රුපියල් 10ගත්තත් මතකයි. ඒත් අර අපායට යවන්න කියන කතාව මතක නෑ.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ඔය නොවැදගත් දේවල් අමතක කරන්නම ඕනා!

      Delete
  11. සල්ලි වලට ලොයර්ස්ලා නඩු අනික් පැත්ත ගහන වෙලාවට කෙලින්ම අපායට යවන්න ඕන

    ReplyDelete
    Replies
    1. එහෙනම් රොබින් අපායේ පිරිලා ඉඩ නැති වේවි

      Delete
  12. හිතන්න දෙයක් එක්ක නියමම නියම පෝස්ට් එකක්! ජයම වේවා!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි හිරුහිමාවී! ජය!

      Delete
  13. දිවුරුම් ප්‍රකාශ වලටත් ගිය කලක්...!!

    ReplyDelete
  14. හැක් හැක්, පොඩී ගනං හරි එකවුන්ට් එකට වැටෙන එකත් ලොකූ දෙයක්, නැත්ද? පොඩි පවුත් වැටෙන එකයි කේස් එක.
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
  15. දොස්තර කෙනෙක් අඩුමගානේ රුපියල් තිහක්වත් දෙනවා

    ReplyDelete
  16. හිහ්.......... :) රු 4ට 10 ක් දුන්න එක අපරාදේ ..

    ReplyDelete
  17. අදමයි ආවේ.
    http://manasindiviyata.blogspot.com/

    ReplyDelete
  18. මමත් අදමයි ආවේ...අද ඉඳං නවාතැනක් තමා ඉතින්...කමක් නෑනේ

    ReplyDelete

ඔබේ අදහස

Related Posts Plugin for WordPress, Blogger...