25.3.12

අලෙවි නියෝජිතයෝ


එක් ප්‍රසිද්ධ සමාගමක අලෙවි නියෝජිතයක් දෙදෙනෙක් දුර පළාතක ආයතනයකට භාණ්ඩ වගයක් අලෙවි කරන්න ගියා. නමුත් මේ දෙන්නට හිතපු විදියට රෑ වෙන්න කලින් පිටත් වෙන්න බැරි වුණා. බැලින්නම් අන්තිම බස් එකත් ගිහින්. කරන්න දෙයක් නැති හින්දම දෙන්නම අර ආයතනයට ආපහු ගියා. එතන හිමිකාරිය වූ කාන්තාවත් ඒ වෙනකොට ගෙදර යන්න සූදානම් වෙමින් හිටියා. අතරමං වුණ අලෙවි නියෝජිතයන් දෙන්නට තමන්ගේ නිවසට එන්න කියලා ඇය ආරාධනා කළා. ගෙදරට ගියාම තමයි ඔවුන් දැනගත්තේ ඇය ඉතා ධනවත් වැන්දඹුවක් බව. ඉතාමත් හොඳින් ආගන්තුක සත්කාර කරපු ඇය අලෙවි නියෝජිත දෙදෙනාට නිදාගන්න සුවපහසු කාමර දෙකකුත් සූදානම් කරලා දුන්නා.පසුදින උදෑසනින්ම අවදි වුණ අලෙවි නියෝජිතයන් දෙදෙනා තමන්ට කරපු ආගන්තුක සත්කාර වෙනුවෙන් කාන්තාවට ස්තූති කරලා පිටත් වෙලා ගියා.

කාලය ගත වුණා.  ඔවුන් දෙදෙනා අතරමං වුණ ඒ රාත්‍රියට හරියටම මාස 10කට පසුව එක් අලෙවි නියෝජිතයෙක්  හට ලිපියක් ලබුණා. එය නීතිමය ලියැවිල්ලක්. එය කියවූ වහාම ඔහු සෑහෙන කලබලයට පත් වුණා. තමන්ගේ මිතුරා විශ්වාස කළ නොහැකි චරිතයකින් යුතු අයෙකු බව දැන සිටි බැවින් ඔහු වහාම ලියැවිල්ලත් අරගෙන මිතුරා හමුවට ගියා.

"මචන් උඹට මතකද අපි දැනට මාස 10කට කලින් අන්තිම බස් එක මිස් වෙලා අහවල් ආයතනයේ අයිතිකාරියගෙ ගෙදර  නැවතුණා?"

"අප්පා !! උඹට එහෙ ගිය දවසත් මතකද? ඔව් බන් මට මතකයි. ඇයි? " සිය මිතුරා අතැති ලියැවිල්ල දෙස බලමින් දෙවැනි අලෙවි නියෝජිතයා පිළිතුරු දුන්නා. එය යම් නීතිමය ලියැවිල්ලක් බව වටහා ගන්න ඔහුට අපහසු වුණේ නෑ.

" නෑ. උඹ මම නිදි අතරේ  අර ගෑනු කෙනාගෙ කාමරේට රිංගුවානේ?" 

"ඇයි බන් මම උඹට කිව්වේ එදා එනගමන් වාසියක් වුණා කියලා? ඒත් ඇයි මේ හදිස්සියෙම?" දෙවැනි නියෝජිතයා තරමක් බියට පත් වුණා. දස මාසයකට පසු නොසිතූ ප්‍රතිඵලයක් අත්වෙලාවත්ද?

"ඒකට කලින් මට මේක කියපන්. උඹ ඒ ගෑනු කෙනාට උඹෙ නම වෙනුවට කිව්වෙ මගෙ නම නේද? මට ඇත්තම කියපන්."

"ඔව් මචන්. මොකක් හරි අවුලක් වේවි කියලයි මම උඹෙ නම කීව්වෙ.  අනික මම බැඳපු මිනිහා. උඹ තවමත් තනිකඩයා. ඒත් දැන් ඇයි ඕවා අහන්නෙ? මොකක්ද ඔය උඹ අතේ තියන් ඉන්නෙ? 

"ඔව් ලොකු අවුලක්! පළමු අලෙවි නියෝජිතයා පිළිතුරු දුන්නා! "හැබැයි අවුල උඹට තමයි"!

"ඒ කිව්වෙ?" අනේ මචන් මාව බේර ගනින්! දෙවැන්නා බියෙන් ගැහෙමින් පැවසුවා!

"ඒ ගෑනු කෙනා මැරිලා! අවසන් කැමැත්තෙන් එයාගෙ සියලුම දේපළ මගෙ නමට පවරලා!!"

5.3.12

හිතන විදිය


එක්තරා විද්‍යාඥයෙකුගේ පර්යේෂණාගාරයක සිටින ගිනිපිග්ස්ලා දෙන්නෙක් අතර මෙහෙම දෙබසක් ඇති වුණා. මෙම පුද්ගලයා සත්තුන්ගේ බුද්ධි මට්ටම් ගැන පර්යේෂණ කරන ලෝක ප්‍රසිද්ධ සත්ත්ව විද්‍යාඥයෙක්..


පළවෙනි ගිනිපිග් -  දන්නවද? මම අන්තිමේදි කොහොමහරි හරි අර සයන්ටිස්ට්කාරයා පුරුදු කරලා ගත්තා!


දෙවැනි ගිනිපිග් - මොකක් ? ඒ කොහොමද?


පළමු ගිනිපිග් - මම අර මිනිහා හදපු වංකගිරිය වගේ එක අස්සෙ තියෙන බෙල් එක ගාවින් දුවලා ගියාම බෙල් එක වදිනවනේ? දැන් ඒ බෙල් එක වැදුන ගමන් මිනිහා මට කන්න දෙයක් දෙනවා ටක්ගාලා !!


ප. ලි. - මේ සරල කතන්දරය ඇතුලේ බොහොම සරල සත්‍යයක් හැංගිලා තියෙනවා කියලයි මට හිතෙන්නෙ. අපි කෙනෙක් ගැන හිතන් ඉන්න විදියට සමාන විදියටම ඒ කෙනත් අපි ගැන හිතනවා වෙන්න පුළුවන්. යම් පුද්ගලයෙක්ව අපි පහත් කරලා හිතද්දි ඒ පුද්ගලයාම වෙන විදියකට අපි ගැනත් පහත් විදියකට හිතනවා ඇති.
Related Posts Plugin for WordPress, Blogger...